ආසියානු මලල ක්‍රීඩා පිටියේ දී පදක්කම්වලින් ලක්මව සැරසූ කනිෂ්ඨයෝ දිවයිනට (ඡායාරූප)

20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් යළි මෙරටට පැමිණියා.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය පසුගිය 04 වනදා සිට 07 වනදා දක්වා දකුණු කොරියාවේ යේචියොන් (Yecheon )නගරයේ දී පැවැත් වුණා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් රටවල් 45 ක් සහභාගී වූ මෙම තරගාවලියේ 07 වන ස්ථානය දිනාගත්තා.

වළළ ඒ.රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800, මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව් වලින් රන් පදක්කම් දිනාගැනීමට මෙහිදී සමත් වුණා.

ඊට අමතරව ඇය මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කම ද දිනාගත්තා.

තරුෂි කරුණාරත්න මෙම තරගාවලියේ ගුණාත්මක අතින් පදක්කම් 03ක් දිනා ගත් විශිෂ්ඨතම ක්‍රීඩිකාව බවට සම්මානයට පාත්‍ර වූ බව, මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ සුසන්ත ප්‍රනාන්දු ගුවන් තොටුපොළේ දී අදහස් දක්වමින් සඳහන් කළා.

තරුෂි මෙහිදී අදහස් පළකරමින් සඳහන් කළේ තමන් මීට සති හතරකට පෙර නිව්මෝනියා රෝගී තත්ත්වයට ගොඳුරු වී සිටි බවත්, මීටර් 800 සහ මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරගවල දී තමන් වාර්තාවක් තැබීමට උත්සාහ ගත්ත ද, තමන්ට අභියෝග කිරීමට තරගකරුවන් නොමැති වී තිබීම නිසා තමන්ට එම අවස්ථාව තමන්ට අහිමි වී ගිය බවත් සඳහන් කර සිටියා.

මීට අමතරව ජයේෂි උත්තරා, විනෝද් ආරියවංශ, ෂෙහාන් දිල්රංග සහ මලින් යසිරු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙහිදී පදක්කම් දිනාගත්තා.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, එයා ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිදක් ගුවන්තොටුපොළට පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17