ආසියානු කුසලාන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම නිල නිවේදනය දැක්වෙන්නේ මෙලෙසින්..

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2022 අගෝස්තු 10 වන දින පැවති රැස්වීමක දී 2022 පිරිමි ආසියානු කුසලානයට සහභාගී වීමට පහත සංචිතය තෝරා ගන්නා ලදී.

2022 අගෝස්තු 12 වන දින ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද මෙම සංචිතය සඳහා ගරු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සිය අනුමැතිය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 අගෝස්තු 24 වන දින ආසියානු කුසලානයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරඟාවලිය 2022 අගෝස්තු 27 වන දින ආරම්භ වේ.

ක්‍රිකට් ආයතන විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සංචිතය පහතින්.

දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, නුවනිදු ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්

බිනුර ප්‍රනාන්දු – (තෝරාගත් නමුත් SLC ආරාධිත T20 ලීග් 2022 20 අතරතුරදී ඇති වූ ආබාධයක් හේතුවෙන් සංචාරය නොකරනු ඇත.)

කසුන් රාජිත – (තෝරාගත් නමුත් 2022 SLC ආරාධිත T20 ලීගය අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන් සංචාරය නොකරනු ඇත.)

බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත ආබාධයකට ලක්වීම හේතුවෙන් ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දු නව සංචිතයට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21