spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානය වෙනුවෙන් බංග්ලාදේශය, ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (27) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද පස්වරු 03.15ට මෙලෙස දිවයිනට පැමිණි බවයි තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 190 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

ආසියානු කුසලානයේ දී බංග්ලාදේශ කණ්ඩායම සහභාගීවන පළමු තරගය එළඹෙන 31 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?