ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද – සම්ප්‍රදායික අවසන් ඡායාරූප ගත කිරීම සූර්යකුමාර් මඟ හරියි

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද (28) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ක්‍රිකට් පිටියේ පසමිතුරන් ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්ථාන ඉතිහාසයේ පළමුවරට ක්‍රිකට් ආසියානු කුසලානයක අවසන් මහා තරගය වෙනුවෙන් අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට සූදානමින් සිටිනවා.

මෙවර තරගවලියේ දී ඉන්දියාව සහ පාකිස්ථානය අවස්ථා දෙකක දී එකෙනකා මුණගැසුණු අතර, එම අවස්ථා දෙකේදීම පාකිස්ථානය පරාජය කිරීමට ඉන්දියාව සමත් වුණා.

මේ අතර අවසන් මහා තරගයට පෙර නායකයින් දෙදෙනා කුසලානය සමඟ සිදුකරන සම්ප්‍රදායික ඡායාරූප රූගත කිරීම ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අනුව පාකිස්තාන නායක සල්මන් අලි අගා පමණක් එම ඡායාරූප ගත කිරීමට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර සූර්යකුමාර් යාදව් ඡායාරූප රූගත කිරීම මඟ හැරීම පිළිබඳ මාධ්‍යවේදී සල්මන් අලි අගාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ “ඔහු එන්න කැමතිද නැද්ද යන්න සම්පූර්ණයෙන්ම ඔහුගේ තීරණයයි. මට ඒ ගැන කිසිවක් කළ නොහැකියි.” යනුවෙන්.

අවසන් මහා තරගයට පෙර පැවැත්වෙන අවසන් පුහුණු සැසිය සඳහා ඉන්දීය කණ්ඩායම ඊයේ සහභාගී වී නොමැති බවට තොරතුරු වාර්තා වනවා

ශ්‍රී ලංකාව සමඟ පෙරේදා පැවති වෙහෙසකාරී තරගයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයින්ට විවේකයක් ලබාදීමේ අපේක්ෂාවෙන් ඔවුන් ඊයේ සිය පුහුණුවීම් සදහා එක්ව නොමැති බව සඳහන්.

ඒ අනුව ඉන්දියාව අද (28) දිනයේ සිය 09 වන ආසියානු ශූරතාව හිමිකර ගැන්මේ අපේක්ෂාවෙන් අවසන් මහා තරගයට පිවිසෙන අතර, පාකිස්ථානය තුන්වන වරටත් ආසියානු කුසලානය සිය දෝතට ගැනීමේ අපේක්ෂාවෙන් අවසන් මහා තරගයට පිවිසෙනු ඇති.

.

  1. What has he learnt from sports.
    Setting a bad example to the younger generations.
    Why on earth is he playing against them. He can step out of it and get the next best to captain the Indians.
    BCCI your time to teach them some ethics of sportsmanship.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23