spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානයේ අවසන් මහා ගැටුම අද කොළඹදී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ සවස 3ටයි.

ආසියානු කලාපයේ ක්‍රිකට් දැවැන්තයින් කවුරුන්ද යන්න තෝරා ගනු ලබන මෙම තරගයේ ආරම්භයට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. ඔක්තෝම්බර් මස 05 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ප්‍රතිවාදී ඉන්දියාව ද සහභාගී වන අවසන් ඒක්දින තරගය වන්නේ ද අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම අවසන් මහා තරගයයි.

ආසියානු කුසලාන ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකාව අද තරගයට සහභාගී ලබන්නේ වර්තමාන ආසියානු ශූරයින් ලෙසින්. 2022 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති අවසන් ආසියානු කුසලානයේ ශූරතාව දිනා ගත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ආසියානු කුසලාන ආරම්භයේදී ශූරතා දිනා ගනු ඇතැයි අනුමාන කෙරෙන කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව නොසිටි බව නොරහසක්. බොහෝ විචාරකයින්ගේ අදහස වූයේ එය ලොව අංක ඒකේ එක්දින කණ්ඩායම වන පාකිස්තානයත්‌ ලොව විශිෂ්ඨතම පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමත් මෙහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇති බවයි. එහෙත් දසුන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් තරගය ජය ගනිමින් 11 වැනි වතාවටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

ආසියානු කුසලාන ඉතිහාසය ගත් විට ප්‍රතිවාදී ඉන්දියාව අවස්ථා 7කදී කුසලාන දිනා ගනිමින් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 6කදී ශූරතා දිනා සිටිනවා. යම් හෙයකින් අද තරගයේදී ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගැනීමට සමත් වුවහොත් ඉන්දියාව සමඟ ශූරතා කුසලාන සමව දිනා ගත් කණ්ඩායම බවට පත්වීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට උදාවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට දිනා ගනු ලැබුවේ පන්දුවාර විස්සයි-20 ආකෘතිය යටතේ පැවැති ආසියානු කුසලාන තරගාවලියක්. එය මෙහෙයවීමට වාසනාව ලද දසුන් ශානක අද තරගයේදී ද ආසියානු ශූරතාව දිනා දීමට සමත් වුවහොත් ආකෘති දෙකේදීම ආසියානු කුසලාන දිනා දුන් ලොව එකම නායකයා වශයෙන් ද ඉතිහාස ගත වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ආසියානු කුසලාන තරගාවලිය ද සුවිශේෂී එකක්. ඒ් ඔවුන් අඛණ්ඩව අන්තර්ජාතික තරග 13ක ජය වාර්තා කරමින් ලොව දෙවැනි දීර්ඝතම ජයග්‍රහණ වැළට හිමිකම් කියන කණ්ඩායම බවට පත්වීමට අවස්ථාව උදාවීමයි. එපමණක් නොව අඛණ්ඩ තරග14 කදී ප්‍රතිවාදී පිලේ සියලුම කඩුලු දවා ගනිමින් ලෝක වාර්තාවට ද හිමිකම් කීමට මෙම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉවහල් වීම ඒකී සුවිශේෂී කරුණු අතර ප්‍රධානස්ථානයක් ගනු ලබනවා.

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ශ්‍රී ලංකාව මුණ ගැසුණු අවස්ථාවේදී ඉන්දීය කණ්ඩායම ජය වාර්තා කළ ද ඒ් වැඩි පීඩන තත්ත්වයක් යටතේයි. ඊට හෝරා කීපයකට පෙර පාකිස්තාන පිලට ඒරෙහිව පැවැති තරගයේදී ලකුණු 350ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලබා ගත්තේ ලකුණු 213ක් පමණයි.

මෙවර තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවට ජයග්‍රහණ තීරණාත්මක වුණු පාකිස්තානයට එරෙහි තරගය ජය ගනු ලැබුවේ ලකුණු 6 කට වඩා වැඩි වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දීමට සිදුවූ පසුබිමකයි. එබැවින් ඉන්දීය කණ්ඩායම අද තරගයේදී ශ්‍රී ලංකාව පහසුවෙන් නොතකන බව නම් විශ්වාසයි. බහු කණ්ඩායම් තරග වදින තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු තරගවලට වඩා දක්වනු ලබන දක්ෂතා ද ඉතා ඉහළින් පවතින බව ද ඔවුන් අද තරගයේ ද අමතක නොකරනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රධානම ගැටලුව වන්නේ මහීෂ් තීක්ෂණගේ සහභාගීත්වය කණ්ඩායමට අහිමිවීමයි. ඒ් සඳහා සහන් ආරච්චිගේ කණ්ඩායමට නම් කර ඇතත් පිට දඟ පන්දු යවන්නන් ලෙස ධනංජය ද සිල්වාත් චරිත් අසලංකත් සිටින කණ්ඩායමක, චරිත් ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 4 ක් දවා ගැනිමට සමත්වූ පන්දු යවන්නාය. එවන් පසුබිමක තවත් පිට දඟ පන්දු යවන්නකුගේ අවශ්‍යතාවය කණ්ඩායමට තිබේ ද යන්න එහිදී නැගෙන ප්‍රශ්නය වනවා. එබැවින් අද තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාව පවතින්නේ පා දඟ පන්දු යවන දුෂාන් හේමන්තටයි.

දසුන් පවසන ආකාරයට මෙම තරගාවලියේදී ඔහු සතුව තරග දිනවන පන්දු යවන්නන් සිටියි. මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ඉන් ප්‍රධාන වනවා. මොවුන් දෙදෙනාම මෙවර තරගාවලියේදී කඩුලු 10 සීමාව පසුකිරීමට සමත්ව සිටින පන්දු යවන්නන් වන අතර මතීෂ පතිරණ කඩුලු 11ක් දවා ගනීමන් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටිනවා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් කළින්ම අවසන් මහ තරගයට ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්ත ද සුපිරි කණ්ඩායම් 4 වටය යටතේ අවසන් තරගය බවට පත් වුණු බංග්ලාදේශය සමග පෙරේදා පැවැති තරගයෙන් ඔවුන් පරාජයට පත්වීම මානසික වශයෙන් ශ්‍රී ලංකාවට තරමක් අස්වැසිල්ලක් ගෙන දෙන්නක්. ඒය ශ්‍රී ලංකාව දෙසින් සුබ ආරංචියක් ලෙසින් සඳහන් කළ හැකියි.

ඉන්දීය කඳවුරෙන් ඔවුන් සතු වමත් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් ආබාධයකට මුහුණ දී සිටින අතර අද තරගයේදී ඔහුගේ සහභාගීත්වය පවතින්නේ අවිනිශ්චිත තත්වයකයි. ඔහු වෙනුවට බොහෝ විට පිට දඟ පන්දු යවන වොෂින්ටන් සුන්දර් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?