ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාවට අවස්ථාවක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් පාකිස්ථානය ඉදිරිපත් කළ සැලැස්ම ඉන්දියාව සහ අනෙක් රටවල ක්‍රිකට් ආයතන විසින් පිළිගෙන තිබෙනවා.

ඉන්දියාව සහ අනෙකුත් ක්‍රිකට් මණ්ඩල විසින් 2023 ආසියානු කුසලානය සඳහා පකිස්ථානයේ දෙමුහුන් ආකෘතිය පිළිගෙන ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ.

එහි දැක්වෙන්නේ ක්‍රිකට් ලෝලීන් බහුතරයකගේ අවධානය දිනා ගන්නා තරගයක් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති බවයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ හතරක් පාකිස්ථානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟ දෙකක් ද ඇතුළුව ඉතිරි තරඟ 9 ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

පාකිස්තානය ද 2023 එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට නියමිතයි. එහි තරග කාලසටහන ඉදිරි පැය 48 තුළ ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ පකිස්ථානය අතර 2023 ලෝක කුසලාන තරඟය චෙන්නායි පැවැත්වීමට ඉඩ ඇති බව ද සඳහන්. කෙසේ වෙතත්, පකිස්ථාන කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ අදියරට පැමිණියහොත්, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ඔවුන්ගේ ක්‍රීඩා කිරීමට සිදු වනු ඇති.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) අතර මතභේදය හේතුවෙන් ලෝක කුසලාන සැලසුම ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වුණා.

ඉන්දියාව ද පකිස්ථානයේ පැවැත්වෙන ආසියානු කුසලානය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ හේතුවෙනුයි දෙරට අතර පැවැත්වෙන තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

ආසියානු කුසලානය සඳහා පකිස්ථානය විසින් යෝජනා කළ දෙමුහුන් ආකෘතිය ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් අනුමත කිරීමට ද ඉඩ ඇති බව සඳහන්.

ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස පන්දුවාර 50 ආකෘතියෙන් පැවැත්වීමට නියමිත රටවල් හයකින් සමන්විත ආසියානු කුසලාන තරඟාවලියේ දී ඉන්දියාව සහ පාකිස්තානය නේපාලය සමඟින් කාණ්ඩගත කර තිබෙනවා. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අනෙක් කාණ්ඩයට ඇතුළත්.

අවසන් මහා තරගය ඇතුළුව තරග 13ක් දින 13ක් පුරා පැවැත්වීමට නියමිතයි. 2022 වසරේ ආකෘතිය මෙන්, සෑම කාණ්ඩයකින්ම පළමු කණ්ඩායම් දෙක Super 4s වටයකට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49