spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානයට පෙර මහේලගෙන් අනාවැකියක්

එළඹෙන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ අවස්ථා බොහෝ දුරට රඳා පවතින්නේ වනිඳු හසරංග මත බව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ්අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ්අඩවිය සමඟ මහේල මේ බව සඳහන් කර තිබෙනවා.

මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරග අගෝස්තු 20 සිට අගෝස්තු 24 දක්වා පැවැත්වීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, හොංකොං සහ සිංගප්පූරුව යන රවවල් මෙම සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර ආබාධයක් හේතුවෙන් ඉන්දිය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ආසියානු කුසලානයට ක්‍රීඩා නොකිරීමේ වැඩි ඉඩක් පවතින බව ඉන්දීය මාධ්‍ය පසුගිය දා වාර්තා කර තිබුණා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?