spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

19 වැනි ආසියානු මහා ක්‍රීඩා උළෙල චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඒ විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් අනතුරුවයි.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සාමාජික රටවල් 45ක් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000කට වැඩි පිරිසක් සහභාගී වන මෙම උළෙල මෙතෙක් පැවති විශාලතම ආසියානු ක්‍රීඩා උළෙල ලෙසටයි සැලකෙන්නේ.

එහිදී ඔවුන් ක්‍රීඩා 40කට අදාළව ඉසව් 481ක් වෙනුවෙන් තරග වැදීමට නියමිතව තිබෙනවා.

ඔලිම්පික් උළෙලට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උළෙල වන මෙම ක්‍රීඩා උළෙල අද සිට දින 16ක් පුරා පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ වසරකට කල්දැමුණු 19වන ආසියානු ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ චීනයේ හංජෝ නුවර ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී යි.

එය චීන ඉතිහාසය සහ සම්ප්‍රදාය විදහා දැක්වෙන විචිත්‍රාංග රැසකින් වර්ණවත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?