ආසියානු ක්‍රිකට් ශූරියෝ එළඹෙන 11 වැනිදා අයර්ලන්තයට එරෙහිව පිටියට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගගාවලියක් සහ එක්දින තරගාවලියක් මෙම මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව එළඹෙන අගෝස්තු මස 11 වැනි දින 13 වැනි දින තරග 02කින් සමන්විත T20 තරගාවලියක් අයර්ලන්තයේ ඩබ්ලින් හි දී පැවැත්වෙනු ඇති.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ව මෙම තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක් වනවා.

මේ වනවිට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන් වන ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය දිනා සහභාගී වන පළමු විදෙස් සංචාරය ද මෙය වනු ඇති.

අගෝස්තු 13න් පසුව එළඹෙන 16 වැනි දින තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ද දෙරට අතර ඇරඹෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්