ආසාදිතයෝ 1,225ක්

අද (11) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 129,755ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ආසාදිතව සිටි 1,030ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 106,641ක් විය.