ආසාදිතයින් 40ක් එකවර වාර්තා වූ ගමක්

වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයට අයත් බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) දින කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු සහ අහඹු ලෙස සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ආසාදිතයින් 10 දෙනෙකු ලෙසය.

එම රෝගීන් සියලු දෙනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

රෝගීන් විශාල පිරිසක් එකවර වාර්තාවීම හේතුවෙන් බොරගස් හා රේන්දපොළ ප්‍රදේශවල සියලු වෙළෙඳසැල් වසා දැමීමට ද ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබේ.

එම ප්‍රදේශවල ජනතාවගේ සංචරණ කටයුතු ද සීමා කර ඇත.

මේ අතර  හුදකලා කර ඇති ගිනිගත්හේන කඩවල වතු යායෙන් නව අසාදිතයන් 24 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

අසාදිතයන් අතර වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන්ය.

ඒ අනුව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් අසාදිතයන් 47දෙනෙකු ඊයේ (23) හඳුනාගෙන තිබුණි.

එම 47 දෙනා හඳුනාගෙන තිබුණේ 80 දෙනෙකු සඳහා සිදුකර තිබූ PCR පරීක්ෂණවලිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57