spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසාදිතයින් වැඩි වීමට හේතුව

මේ දිනවල පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එබැවින් එම කර්මාන්තශාලා හිමිකරුවන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඒවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් උපදෙස් ලබා‍දී ඇති බව ද විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

මේ අතර එම කර්මාන්ත ශාලා වලින් වැඩි වශයෙන් ආසාදිතයින් හමුවේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ඒ ආයතන තාවකාලිකව වසා දැමීමට බලාපොරොත්තු වන බවද වැඩි දුරටත් සඳහන් කරයි.

සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,

“මේ දවස්වල කර්මාන්තශාලාවල රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. ඒ ආකාරයෙන් වැඩිපුර රෝගීන් හමුවෙනවා නම් ඒ ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරලා ඒ ආයතන තාවකාලිකව වසා දැමීමට බලාපොරොත්තුවෙනවා. නැත්නම් අපි උපදෙස් ලබාදීලා තියෙන්නේ ආසාදිත රෝගීන් වෙන්කර අරගෙන ආසාදිත නොවන සේවකයින් යොදවා කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට. සියලුම කර්මාන්තශාලා අවම බාධා යටතේ වැසීමකින් තොරව පවත්වාගෙන යෑමට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට කටයුතු කරමින් ඉන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?