ආසාදිතයන් හා මරණ ඉහල යනවා.. ඉදිරි දිනවල රට විවෘත කරන්න බැරිවෙයි

සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරමින් තිබුණ ද ඇතැම් ආයතන ලාභ ලබාගැනීමේ අරමුණින් එම සීමා නොතකමින් ඉතා කණගාටුදායක ලෙස කටයුතු කරන තත්ත්වයක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්වය ඉදිරි දිනවල පැවතුණහොත් රට විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

එම තත්ත්වයට මහජනතාව මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගකිව යුතු බවද ඇතැම් පුද්ගලික ආයතන ප්‍රධානීන් කිසිසේත්ම අත්‍යවශ්‍ය සේවා නොවන සේවකයන් කැඳවමින් ඔවුන්ගේ ලාභ ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පෙනී යන බව ඔහු පැවසීය.

මෙම තත්වය ඉදිරියටද පැවතුනහොත් රට විවෘත කිරීම ඉදිරියට දින කීපයේදී සිදු කිරීමට නොහැකි වනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.

මේ ආකාරයේ හැසිරීම් හේතුවෙන් අනෙකුත් මහජනතාවද ඉතා භයානක තත්වයකට තල්ලු වෙමින් යන බවක් පෙනෙන්නට ඇති බවද පැවසූ ඔහු එනිසා ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්යමණ්ඩලය කැඳවන ලෙස ද ඉල්ලා සිටියේ ය.

මේ ආකාරයෙන්ම කටයුතු කළහොත් ආසාදිතයන් කිසිසේත්ම අඩු නොවනු ඇති බවත් මරණ සංඛ්‍යාවද දෛනිකව ඉහළ යනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

  1. These stupid PHIs do nothing but appear on TV lambasting the govt round the clock instead of getting on with the work allocated to them properly. All it says is that their incompetence and ignorance play a large part in the spread of the pademic. All mouth and no go



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27