ආසම සින්දුව අහමින් කොරෝනා මාරයා තුරුලු කරගත් ‌නිර්භීත කෙල්ල

වෛද්‍යවරුන්, හෙදියන්, සෞඛ්‍ය සේවකයන් කියූ පමණින් අපට දැනෙන්නේ දිනපතා ඔවුන් රෝගීන් දකිනවා, බෙහෙත් දෙනවා. මේවා දැකීම නිසා ඔවුන්ට සංවේදීතාවක් නැහැ කියලයි. නමුත් එහෙම නැහැ. ඔවුන්ටත් හදවත සැලෙන හදවත කම්පාවන වන අවස්ථා තිබෙනවා. රෝගීන්ට ආදරය කරුණාව ලබාදෙන දෙවිවරු වන් වෛද්‍යවරු ඕනෑතරම් මේ ලෝකේ ඉන්නවා. වෛද්‍යවරයකුට සතුට සැනසීම ලැබෙන්නේ තම රෝගියා සුවවී සිනාසෙනු දැකීමෙනි. පසුගියදා හදවත කම්පාකරන පුවතක් “ඉන්දියා ටුඩේ” මාධ්‍ය වාර්තා කර තිබුණා.

කොරෝනා රැල්ලෙන් පීඩා විඳින ප්‍රධාන රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා. එරට මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. කොරෝනා මාරයා ජීවිත බිලිගන්නේ වයස, ජාති, ආගම්, කුලය යන මේ කිසිම භේදයකින් තොරවයි. අම්මා තාත්තා බලා සිටිද්දී දරුවන්ව මිනී පෙට්ටියේ දාලා රැගෙන යනවා. දරුවන්ගේ මුහුණ අවසාන මොහොතටවත් බලාගන්න ඔවුන්ට අවස්ථාවක් නැහැ. කොරෝනා වෛරසය මේ ජීවිත කොතරම් අකාරුණික ලෙසද පැහැරගන්නේ? පසුගිය 13 වැනිදා ඉන්දියාවේ මොනිකා ලන්ග් කියන වෛද්‍යවරිය තමන්ගේ ට්විටර් ගිණුමේ අවුරුදු 30ක තරුණියකගේ විඩියෝවක් මුදාහැරීමෙන් ලොව විශාල ජනතාවකගේ හදවත් කම්පා කළා. මේ පිළිබද මාධ්‍ය විසින් මොනිකා ලංග් වෛද්‍යවරියගෙන් විමසීමක් සිදුකළ අතර එහිදී ඇය ඒ පිළිබද මෙසේ පවසා තිබුණා.

“මේ තරුණියගේ නම ශ්‍රති. ඇය රෝහල්ගත වන්නේ මාර්තු 3 වැනිදා. දින 10ක් පුරා දිල්ලි රෝහලේ කොරෝනා මාරයා හා සටන් කළා. මුල් අවස්ථාවේ ඇඳක් ලබාදෙන්න නොහැකි වුවත් අවසාන මොහොතේදි ඇයට දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ලබාදෙන්න හැකිවුණා. එහෙත් අපේ කාර්යමණ්ඩලය ඇගේ ජ්විතය බේරාගන්නට කොතෙක් උත්සාහ කළත් ඇගේ ජීවිතය බේරාගන්නට නොහැකි වුණේ හදවත් කම්පා කරලා. මම දැඩිසත්කාර ඒකකය වටේ ඇවිද යනකොට මේ සිදුවීම දැක්කා. ඒ, ඇය සංගීතයට සවන්දෙන ආකාරය. මම ඉන්පසු මේ පිළිබඳ විමසුවා. ඇය හුස්ම හිරකරගෙන දැඩිසත්කාර ඒකකයේ ගෙවන මේ අවසාන මොහෝතේදී (වෙන්ටිලේටර් සහ ඔක්සිජන් මාස්ක් තම ශරීරයට සවිකර තිබියදීම) මගෙන් ඉල්ලීමක් කළා—Taa Dear Zindagi චිත්‍රපටයේ love you Zindagi කියන ගීතය අහන්න දෙන්න. ඒක මගේ ආසාවක් කියලා” (මේ ගීතයේ තේරුම ජීවිතය මට ආදරෙයි… ජීවිතය ඔබට ආදරෙයි… සිනහවට ආයුබෝවන් කියන්න යනුවෙනි) මම ඒ අවස්ථාව ඇයට සලසලා දුන්නා. මගේ එම වීඩියෝව බොහෝ හදවත් කම්පනයට පත්කළා.”

ඒ ගීතය ඉන්දියානු බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ආලියා බාත් රංගනයෙන් දායක වන ජස්ලින් කෝ රෝයල් ගායනා කරන ගීතයක්. 2016 තිරගත වූ Dear Zindagi චිත්‍රපටයෙනි.

මේ රෝගියා ආසාවෙන් ඒ ගීතය රසවින්දේ සිනාසෙමින් පා සොලවමින් අත් වනමින්. හරියටම කියනවා නම් මෙලොව සියල්ලන්ටම සමුදීමේ සංකේතයක් වගෙයි. මේ වෛද්‍යවරිය තම ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය ඔස්සේ එම ගීතය ලබාගෙන මොහොතකට හෝ රෝගී තරුණියගේ ජීවිතයට ප්‍රාණය ලබාදීම උදෙසා වාදනය කිරීමෙන් ඇයට ශක්තියක් වුණා. වෛද්‍යවරිය පැවැසුවේ “මට ඒක හරිම ප්‍රාතිහාර්යයක්” යනුවෙනි.

“ඇය රෝහලේ සිටිද්දී හරිම සතුටෙන් හිටියේ. ඇගේ ජීවිතයේ හෙට දවස ගැන ගොඩාක් බලාපොරොත්තු තිබුණා. තරුණ ලස්සන ජීවිතයක් අපි නොහිතන විදියට අපිට නැති වුණා. රෝහලේදී හැම තිස්සේම මගේ වෛද්‍ය ජීවිතේ කවදාවත් මේ වගේ ආත්ම ශක්තියක් තියෙන රෝගියෙක්, පවුලක් මට හම්බවෙලා නැහැ. ඇගේ දරුවා මැසේජ් නිතරම එවනවා හැම තිස්සේම “අම්මා සනීපවෙලා එන්න. ඇවිත් අපි නිව්යෝර්ක්, යුරෝපා ආදී තැන්වල ඇවිදින්න යන්න” කියලා ඔවුන්ගේ බලාපොරොත්තු තිබුණා. මට ඒ මැසේජ් මගේ ජංගම දුරකතනයට ත්‍දරඅ්රා කරලා තිබ්බා. මගේ හදවත බොහෝ කම්පාවට පත්කළා. මේ තරුණ ජීවිතය නැතිවීම. ඇගේ වයස අවුරුදු පහක දරුවා ඇය හෙට දවසේ සනීප වෙලා ගෙදර එනකන් මඟ බලා සිටිනවා. වෛද්‍යවරියක් විදියට මම මේ ජීවිතවලට පුදුම විදියට ළංවුණා. දුක දරාගන්න හරිම අමාරුයි. අපේ ජීවිත හරිම අවිනිශ්චිතයි” යනුවෙන් ඇය සඳහන් කළා.

ශ්‍රතිගේ සැමියා හඬමින් කියා සිටියේ “මම ගෙදර ගියාම අම්මා කෝ කියලා අහුවාම මම මොනවද කියන්නේ… මට තේරෙන්නේ නැහැ මගේ ජිවිතය සුනුවිසුනු වෙලා” යනුවෙනි.

ශ්‍රතිගේ නොසිතූ නික්මයෑම වෙනුවෙන් ඉන්දියානු නළු සුනිල් ෂෙට්ටි සහ සෝනු සුඩ් ශෝකය පළකර ට්විටර් පණිවුඩ තබා තිබුණා. “ඒ තරුණිය තමන්ට තම පවුල යළි දැකගත නොහැකි වේ යැයි කිසි දිනෙක නොසිතුවේය. ජීවිතය හරිම අසාධාරණයි. ජීවිත්වීමට සුදුසු බොහෝ ජීවිත අහිමි වෙලා අපගේ ජීවිත කොතරම් සාමාන්‍ය තත්ත්වයට පත්වුණත් අපට කිසි දිනෙක මේ ව්‍යසනයෙන් පිටතට පැමිණිය නෙහැකියි” යනුවෙන් එම පණිවුඩයේ සඳහන්ව තිබුණා.

දෛවය ඇගේ ජිවිතය වෙනස් කළා. වෛද්‍යවරියවත් නොසිතන්න ඇති, මේ ඇය ගෙවන අවසාන පැය කිහිපය කියලා. මේ වෛද්‍යවරිය මානව දයාවෙන් පිරුණු කාරුණික හදවතක් හිමි තැනැත්තියක නිසා ඇයට ඒ ගීතය රසවිඳීමට සැලැස්සුවා. වෛද්‍යවරු නිතරම රෝගියාගේ හදවතට ළංව කටයුතු කරන්න කියලා මුළු ලෝකෙම වෛද්‍යවරුන්ට ආදර්ශයක් ලබාදුන්නා. මේ තරුණ ජීවිතය අකාලයේ කොරෝනා මාරයාට බිලිවුණා. ඇය කාගේ හෝ බිරිඳක්, කාගේ හෝ දියණියක්, කාගේ හෝ අම්මා කෙනෙක්. වටිනා මනුස්ස ජීවිතයක් නොසිතූ ලෙස පැහැරගන්නේ හරිම ඛේදනීය ලෙසයි. මේ මොනිකා වෛද්‍යවරිය මෙම සිදුවීම තම ට්විටර් ගිණුමට මුදාහැරීමෙන් බලාපොරොත්තු වුණේ කොරෝනා මාරයාගෙන් පිඩා විඳින සියලු රෝගීන්ට ආදර්ශයක් ලබාදීමයි. ඒ, අවසාන හුස්ම හෙළනතුරු තම සිතුවිලි ධනාත්මකව තබාගැනීම සඳහා ශක්තිය ගන්න ආත්ම ශක්තියයෙන් කටයුතු කරන්න කියලයි. වෛද්‍යවරිය ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ මියගිය ශ්‍රති වෙනුවෙන් යාඥා කරන ලෙසත්, මෙවැනි අකල් මරණයක් උපදින ආත්මයක යළි සිදු නොවේවායි යනුවෙනි.

නිලන්ති රේණුකා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47