“ආවා” කල්ලියේ නායකයා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)

අත්අඩංගුවට ගත් ආවා කල්ලි නායක ප්‍රභා අද (05) පස්වරුවේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබාදුන්නා.

ඩුබායි රාජ්‍ය වෙත පලා යාමට සූදානම්ව සිටියදී ඔහු ගල්කිස්ස ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගැණුනා.

යාපනය ඇතුළු උතුරු පළාතේ භීතියක් ඇති කරමින් විවිධ අපරාධ, කප්ම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන සිදු කළ ආවා කල්ලි නායක ප්‍රභාකරන් කොයුසිකන් නොහොත් ප්‍රභා නැමැත්තා ගල්කිස්ස යශෝරාපුර දෙමහල් නිවසක උඩුමහලේ සැඟව සිටියදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඊයේ අත්අඩංගුවට ගත්තා.

ඒ ඩුබායි‌ වෙත පලා යාමේ අරමුණින් අදාළ නිවසේ ඔහු සැගව සිටින බවට ලද තොරතුරකට අනුවයි.

සැකකරු තෙල්පලෛයි පොලිස් වසමේ පිල්ලෙයාර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි පුද්ගලයක්
ඔහු ආවා කල්ලිය තුළ කොයින්සි තම්පා යන සංකේත නාමයෙන් හඳුන්වන අතර 001 යන සංකේත අංකය ඔහු භාවිත කර තිබෙන බව පොලිසිය පැවසුවා.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 300 ක් ද සොයාගෙන ඇති අතර ඔහුගේ නිවසේ තිබී ආවා කල්ලියේ ලාංඡනය ඇතුළත් පත්‍රිකාවක් ද පොලිසිය සොයා ගත්තා.

විදෙස් රටවල් සමඟ සම්බන්ධතා පවත්වමින් ඔහු මනුෂ්‍ය ඝාතන සිදු කර අති බවට තොරතුරු අනාවරණය වනවා.

ඔහු විසින් යාපනය අර්ධද්වීපයේ සිදු කරන ලද අපරාධවලට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තු 02 ක් සහ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු 02ක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10