සැමියා, බිරිඳට පිටුපසින් ඇවිත් කරපු දෙයින් බිරිඳට බරපතළයි

සැමියා එල්ල කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එක් දරු මවක් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි නවගත්තේගම පොලිසිය සඳහන් කළේ.

පහරකෑම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, නවගත්තේගම, කෝන්කඩවල – සේරුගොඩයාය පදිංචිකාරියක් වන සීතා කුමාරි ගුණවර්ධන නම් 37 හැවිරිදි කාන්තාවක්.

සැකකාර සැමියා තම බිරිද සමග නිවසේ දී නිරන්තර ආරවුල් ඇති කර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ හේතුවෙන් බිරිද, සිය සැමියා අතහැර වයස අවුරුදු 3ක දියණියද සමග කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි තම මවගේ නිවසට ගොස් තිබෙනවා.

මාස 02 ක පමණ කාලයක් මවගේ නිවසේ රැදී සිටි තුවාලකාරියව පසුගියදා සැකකාර සැමියා විසින් නැවත තම නිවසට කැදවාගෙන විත් ඇතැයි සඳහන්.

ඇය නිවසේ ආලින්දයේ ඇති පුටුවක වාඩිවී සිටින විට පිටුපසින් පැමිණ ඇති සැකකරු ඇයට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව, අසල්වැසි නිවසකට දුව ගොස් බිම ඇද වැටී ඇති අතර, අනතුරුව එම නිවැසියන් විසින් මේ බව නවගත්තේගම පොලීසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව බරපතල තත්ත්වයේ පසුවන තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14