spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැමියා, බිරිඳට පිටුපසින් ඇවිත් කරපු දෙයින් බිරිඳට බරපතළයි

සැමියා එල්ල කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එක් දරු මවක් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි නවගත්තේගම පොලිසිය සඳහන් කළේ.

පහරකෑම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, නවගත්තේගම, කෝන්කඩවල – සේරුගොඩයාය පදිංචිකාරියක් වන සීතා කුමාරි ගුණවර්ධන නම් 37 හැවිරිදි කාන්තාවක්.

සැකකාර සැමියා තම බිරිද සමග නිවසේ දී නිරන්තර ආරවුල් ඇති කර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ හේතුවෙන් බිරිද, සිය සැමියා අතහැර වයස අවුරුදු 3ක දියණියද සමග කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි තම මවගේ නිවසට ගොස් තිබෙනවා.

මාස 02 ක පමණ කාලයක් මවගේ නිවසේ රැදී සිටි තුවාලකාරියව පසුගියදා සැකකාර සැමියා විසින් නැවත තම නිවසට කැදවාගෙන විත් ඇතැයි සඳහන්.

ඇය නිවසේ ආලින්දයේ ඇති පුටුවක වාඩිවී සිටින විට පිටුපසින් පැමිණ ඇති සැකකරු ඇයට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව, අසල්වැසි නිවසකට දුව ගොස් බිම ඇද වැටී ඇති අතර, අනතුරුව එම නිවැසියන් විසින් මේ බව නවගත්තේගම පොලීසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව බරපතල තත්ත්වයේ පසුවන තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?