ආරුගම්බේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාම දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර

ආරුගම්බේ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනෙකු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද (29) දැනුම් දුන්නා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකුගෙන් දෙදෙනෙකු දින 90ක් රඳවා තබාගෙන මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බවත් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව සෙසු සැකකරුවන් දෙදෙනාද දින 09ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට එසේ පියවර ගෙන ඇති බව ද මෝසමක් ගොනු කරමින් එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියා.

එම සැකකරුවන් සිව්දෙනාගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම සිද්ධියට තවත් සැකකරුවන් පිරිසක් සම්බන්ධව ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද එම කොට්ඨාශය මෝසම ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පැවසුවා.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක පුරවරයේ සිටින ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ලද තොරතුරක් අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බවත්, ඒ අනුව සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බවත්, එම කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් පෙර නඩු වාරයේදී අධිකරණය වෙත දැනුම්දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12