ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් ලබන 22 පාර්ලිමේන්තුවට

ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

අනතුරුව පෙරවරු 9.45 සිට පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පසුගිය 14 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණ ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.