ආර්ථික අර්බුදයට හේතු දක්වන විගණකාධිපති වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට

ආර්ථික අර්බුදය මතු වූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදී යි රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ.

අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

පසුගිය 2022 වසරේ ඔක්තෝම්බර් මස 7 වනදා අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දුන් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයේ විගණකාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ බවට පෙත්සම්වල අන්තර්ගත කාරණා තුනක් පිළිබඳව විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටයි.

ඇමරිකානු ඩොලරය රුපියල් 203ක අගයක ස්ථාවරව රඳවා ගැනීම, 2022 වසරේ ජනවාරි මස 18 වනදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සදහා මෙරට විදේශ සංචිත වලින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සහ ආර්ථික අර්බුදය මතු වූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම වැනි කාරණා තුළින් වත්මන් ආර්ථික අර්බුදය උත්සන්න වූ බවට පෙත්සම්වලින් චෝදනා කර තිබුණා.

එබැවින් එම කාරණා පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 07 වන දා රජයේ විගණකාධිපතිවරයාට නියෝග කර තිබුණේ.

ඒ අනුව අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ විගණකාධිපතිවරයා විසින් අදාළ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති බව දැනුම් දුන් අතර එහි පිටපත් විවෘත අධිකරණයේදී විනිසුරුවරුන්ට බාර දුන්නා.

ඉන් අනතුරුව එම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි මස 20 වනදාට පෙර ගොනු කරන්නැයි වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා ජුනි මස 09 වනදාට පෙර ගොනුකරන ලෙසත් පාර්ශවකරුවන්ට දැනුම් දී තිබෙනවා.

ලිඛිත දේශන තිබේනම් ඒවා ජූනි මස 23 වනදාට පෙර ගොනුකරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ.

ඉන් අනතුරුව මෙම පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 05, 06, 07, 11, 12 සහ 13 යන දිනවල පැවැත්වීමට පියවර ගන්නා බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා.

අදාළ පෙත්සම් බල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ සිය සේවා දායකයින් දෙදෙනාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් මස 07 වන දායින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීර්ඝ නොකළ බවයි.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය තවමත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුල පවතින බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

එම නිසා මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව තවදුරටත් විදේශ ගමන් තහනමක් ක්‍රියාත්මක නොවන බවට ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන මෙන් ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අග විනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව තවදුරටත් විදේශ ගමන් තහනම ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍ය හින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, අලි ෂබ්රි හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තර කරුවන් විසින් අනුගමනය කළ අදූරදර්ශී හා අකාර්යක්ෂම ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වූ බවයි.

එබැවින් වත්මන් ආර්ථික හෙට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා පෙත්සම් කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03