spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථික අර්බුදයට හේතුව හිටපු ජනපතිනිය කියයි

රට මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට හේතු වූයේ මෙතෙක් කලක් රට පාලනය කළ පුද්ගලයන් හිතක් පපුවක් නොමැතිව අසීමිතව ජනතාවගේ වත්කම් සොරකම් කිරීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය කියාසිටියේ වසර 3000ක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ කිසිදු දිනක මෙවැනි කඩා වැටීමකට ලක්වී නොමැති බවයි.

රටේ සියලු සම්පත් තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට අයිති බවට සිතාගෙන කටයුතු කළ පුද්ගලයන් හේතුවෙන් රට කඩා වැටීමට ලක්වූ අතර ඔවුන් බලයෙන් පහ කළ ද වක්‍රව බලයේ රැඳී සිටින බවයි හිටපු ජනාධිපතිවරිය පෙන්වා දෙන්නේ.

මෙම වසරේ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කිසිදු ආකාරයකින් ඉඩ ලබා නොදෙන අතර ලබන වසර වන තෙක් මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවයි හිටපු ජනාධිපතිනිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?