ආර්ථිකය අඩියේ.. ශ‍්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ඉල්ලා ගනී

ශ්‍රී ලංකාව විසින් බංගලාදේශයෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකම ලබාදීමට රට මහ බැංකුව විසින් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන දෙසීයක මූල්‍ය පහසුකමක් හිමිවෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතක දී එරට සිදුකළ සංචාරයේදී මෙම ඉල්ලීම සිදු කර තිබිණ.

දැනට ශ්‍රී ලංකාව වැඩිම විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටී ශ‍්‍රී ලංකාවේ මාර්තු මාසය වන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4 සීමාවේ පැවතින.

බංගලාදේශය අද වන විට ඩොලර් බිලියන 45ක පමණ විදේශ සංචිතයන් හිමි කරගෙන ඇත.