රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර අදහස් පළවීමට පටන්ගෙන තිබේ.
මැණික් ක්ෂේත්‍රයේ විශේෂඥයකු අද (28) ප්‍රකාශ කළේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් එය සතුව නොමැති බවය.
කිලෝග්‍රෑම් 510 ක් බරැති ආරනූල් වර්ගයේ වර්ගයට විශාල මැණික් ගල් පොකුරක් මීට මාස කිහිපයකට පෙර රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවී තිබූ අතර ඒ පිළිබඳව තොරතුරු ඊයේ මාධ්‍යට ලබාදීමට බලධාරීන් කටයුතු කළේය.
මෙහි අවම වටිනාකම රුපියල් කෝටි දෙදහසකට අධික බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පැවසීය.
එහෙත් ක්ෂේත්‍රෙය් විශේඥයන් දෙදෙනකු අද ප්‍රකාශකළේ එය එතරම් වටිනාකමක් එහි නොමැති බවය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අප ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතාගෙන් විමසීය.
ඔහු පැවසුවේ මෙම වර්ගයේ දුර්ලභ මැණික් ලොව ප්‍රකට ධනකුවේරයන් තමන් සතු මැණික් එකතුව සඳහා මිලදී ගෙන තබාගන්නා බැවින් එම ඉල්ලුම මත ඊට ඉහළ වටිනාකමක් නියමකළ හැකි බවය.














ටි.වි.නන්දසේන
lankawe gon bass la kata ariyoth ratata paduwak apahasayak wena dema thamayi kiyanne. Mey wage wisheshathwayak athi manik pokura wena ratak hoya gaththanam eke mila billion gananen thamayi kiyanne. koheda ithin apey ratey buruwo rata pahalatama dala labenna thiyena deyath nathi karagannamay hadanne. laksha 100 wenuwata koati 100k kiyalayi prasidda karanna oney. apey wun hama dema kunu kolleta pita rata walata deela pita rata kunu godawal walata ihalama ganan gewanawa.. wahal hithama thamayi hama dama