ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ සභාපති සහ උප සභාපති තෝරාගැනීම දින නියමයක් නොමැතිව කල්යයි

හලාවත, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තෝරා පත්කර ගැනීම දින නියමයක් නොමැතිව අද කල් ගියා.

ඒ, අද (20) රැස්වූ එම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයේ දී සභාපති සහ උප සභාපති තෝරා ගැනීමේ දී ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟයි.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයයේ මරියන් සුභාකරන් සහ ජාතික ජන බලවේගය පක්ෂයේ ජයරත්න ජයසේකර යන සභිකයින්ගේ නම් යේජනා වී තිබුණා.

ඒ, අතරින් සභාපතිවරයෙක් තෝරාගැනීම සඳහා පැවැත්විය යුත්තේ රහස් ඡන්දයක් ද, විවෘත ඡන්දයක් ද යන්න වයඹ පළාත්, පළාත් පාලන කොමසාරිස්වරිය විසින් විමසා සිටියා.

එහිදී ජාතික ජන බලවේගය පක්ෂයේ සභිකයින් රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර, සෙසු සභිකයින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී දෙපාර්ශ්වයේ අතර දැඩි වචන හුවමාරුවක් සිදුවුණා.

අනතුරුව පැවැත්විය යුත්තේ රහස් ඡන්දයක් ද, එසේත් නැත්නම් විවෘත ඡන්දයක් ද යන්න විසදාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළා.

එම තීරණයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය පක්ෂයේ සභිකයින් හැර සෙසු සියලුම සභිකයින් සභාවෙන් පිටතට ගිය අතර, සභාව පවත්ව ගෙන යාම සදහා ප්‍රමාණවත් ඝන පූර්ණයක් නොමැති වීම හේතුවෙන් සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කරනු ලැබුවා.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සදහා ජාතික ජන බලවේගයෙන් සභිකයින් 10 දෙනෙකු, සමගි ජනබලවේගයෙන් සභිකයින් 06 දෙනෙකු, එක්සත් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂවලින් සභිකයින් දෙදෙනෙකු, එක්සත් ජාතික පක්ෂයෙන් සහ ස්වාධීන කණ්ඩායමෙන් 01 සභිකයෙකු බැගින් තේරී පත් වී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33