ආරක්ෂාව ගැන නාවික හමුදාවෙන් දේවස්ථානයකට තොරතුරක්

ජාඇල – බෝපිටිය – ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස නාවික හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ දැනුවත් කර තිබෙනවා.

එම දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමන් ප්‍රකාශ කළේ අද පස්වරුවේ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් යළි පැමිණ එය නිවැරදි කළ බවයි.

අද පෙරවරු 10.05 ට පමණ නාවික හමුදා නිලධාරීන් පිරිසක් කැබ් රථයකින් දෙව් මැදුරට පැමිණෙන ආකාරය එහි සී සී ටී වී දර්ශනවලද සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ දේවස්ථානයේ පියතුමා ඉන් බැහැරට ගොස් සිට ඇති අතර, දේවස්ථානයේ සිටි සේවිකාවකට නාවික හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ පවතින බවයි.

දේවස්ථානයට එලෙස පැමිණි නාවික හමුදා නිලධාරියාට දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමා දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් සිදුකර තිබුණා.

නාවික හමුදාවේ නිලධාරින් ලබාදී තිබු අදාළ පණිවුඩය සම්බන්ධයෙන් දේවස්ථානයේ පියතුමා කොළඹ අගරදගුරු මැදුරෙන්ද විමසීමක් කර තිබුණා.

පෙරවරුවේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් පැමිණ ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බවට සිදුකළ ප්‍රකාශය වැරදීමකින් සිදුවූවක් බවත්, එය, නිවැරදි කිරීමට කටයුතු කරන බවත් අද පස්වරුවේ උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් දේවස්ථානයට පැමිණ තමාට ප්‍රකාශ කළ බවයි ජයන්ත නිමල් පියතුමා කියා සිටියේ.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගෙන් අප මේ පිළිබඳව විමසා සිටියා.

ඔහු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එය ආරක්ෂක වැඩපිළිවෙලක  එක් කොටසක් බවයි.

කෙසේ වෙතත් දේවස්ථානයට පැමිණි නිලධාරීන් අතින් අවශ්‍ය ප්‍රමාණයට වඩා කරුණු ප්‍රකාශ වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. දේවස්ථානයේ පියතුමා ප්‍රකාශ කළ පරිදි  උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් දේවස්ථානයට පැමිණ නිවැරදි කර ඇත්තේ අදාළ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉදිරිපත්වූ කරුණු බවයි  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50