ආරක්ෂාව අනතුරේ වැටෙන චීන යුධෝපකරණ

මේ වසරේ අප්‍රේල් මස අවසානයේ දී, බංග්ලාදේශ හමුදාව සමඟ පළමුවරට යුද අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි චීනයේ මහජන විමුක්ති හමුදාව (PLA) නිවේදනය කර තිබෙනවා.

“ගෝල්ඩන් ෆ්‍රෙන්ඩ්ෂිප් 2024” නම් ඒකාබද්ධ අභ්‍යාසයට මගී බස් රථයක් පැහැර ගැනීම් වැළැක්වීම, ත්‍රස්තවාදී කඳවුරු තුරන් කිරීම ඇතුළු විෂයයන් ඇතුළත්.

මෙම අභ්‍යාසය නිවේදනය කරමින් චීන හමුදා ප්‍රකාශකයා ද පැවසුවේ, එය අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩිදියුණු කරන අතර ප්‍රායෝගික හුවමාරු සහ සහයෝගීතාව වර්ධනය කරන බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය සීමාවක් යටතේ ඉන්දියාවෙන් ආරක්ෂක උපාංග මිලදී ගැනීමේ බංග්ලාදේශ සැලසුම පිළිබඳ චීනය දැඩි කනස්සලකින් සිටින අවස්ථාවක මෙම අභ්‍යාසය නිවේදනය කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, චීනය බංග්ලාදේශය සමඟ ද්විපාර්ශ්වික යුධ අභ්‍යාසයක් සඳහා උනන්දු වීමට සැබෑ හේතුව වන්නේ බංග්ලාදේශය විසින් ආනයනය කර ඇති චීන ආරක්ෂක උපකරණවල දුර්වල තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි නිසා බව පැවසෙනවා.

මේ හේතුවෙන් චීනයේ ආරක්ෂක කර්මාන්ත ලෝකය ඉදිරියේ සිය කීර්තිනාමය පිළිබඳ අවදානමකට මුහුණ දී සිටිනවා.

චීනය අක්‍රිය වූ සහ දෝෂ සහිත යුධ උපකරණ අපනයනය කර ඇති අතර, ඒ තුළ රටවල් රැසක ආරක්ෂාවේ හිඩැස් නිර්මාණය වී ඇති බව ප්‍රකට කරුණක්.

2016-2020 දක්වා චීනයේ අපනයනවලින් 60% ක් පමණ ඇල්ජීරියාව, බංග්ලාදේශය සහ පකිස්ථානය වෙත ගොස් තිබෙනවා.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව, 2016-2020 කාලය තුළ චීනයේ ආරක්ෂක අපනයන පෙර පස් අවුරුදු කාලයට වඩා 7.8% කින් අඩු වීම කෙරෙහි ද මෙය බලපා තිබෙනවා.

දත්ත පෙන්වා දෙන්නේ වෙළඳපල කොටස් අනුව, චීනයේ ආයුධ අපනයනය 5.6% සිට 5.2% දක්වා හැකිලී ඇති බවයි.

චීන හමුදා උපකරණ සමඟ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ ඔවුන් වැඩිපුරම පිටපත් කරන ලද උපකරණ නිෂ්පාදනය කිරීමයි.

චීනය විකුණන සෑම දෙයක්ම බටහිරින් කොපි කරපු පසුගාමී තාක්ෂණයෙන් නිර්මාණය කළ ඒවා බව නොරහසක්.

බටහිරින් යම් යම් නව තාක්‍ෂණයක් එළියට එන විට චීනය එය ඉක්මනින් ප්‍රති-ඉංජිනේරු කර ඔවුන්ගේ දෙවැනි පිටපත ලෝකයට ඉදිරිපත් කරනවා.

චීනය දිගු කලක් තිස්සේ බංග්ලාදේශ සන්නද්ධ හමුදාවන්ට යුධ උපකරණ සපයා ඇති අතර පසුගිය දශකය තුළ ඩකා, චීන ආරක්ෂක උපකරණ ලබාගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.59ක් වැය කළා.

නමුත් මෑත වසරවලදී, බංග්ලාදේශ ආරක්ෂක හමුදා එහි කොර්වෙට්, පෙට්‍රල් යාත්‍රා සහ වෙරළ මුර සංචාර යාත්‍රා සඳහා අමතර කොටස් සපයන චීන සමාගම්වලට නිෂ්පාදන දෝෂ සහ තාක්ෂණික ගැටළු පිළිබඳව පැමිණිලි කිරීමට පටන් ගෙන තිබෙනවා.

චීන දෘඩාංග සම්බන්ධයෙන් බංග්ලාදේශ හමුදා මුහුණ දී ඇති ප්‍රධාන ගැටළු කිහිපයක් වනවා.

චීනයේ නිෂ්පාදිත F-7 ප්‍රහාරක යානයේ තාක්ෂණික ගැටළු කිහිපයක් බංග්ලාදේශ ගුවන් හමුදාව විසින් වාර්තා කරනු ලැබුවා.

චීනයේ නිෂ්පාදිත රේඩාර් පද්ධතියේ නිරවද්‍යතාව දුර්වල බව බංග්ලාදේශ ගුවන් හමුදාව දැනුම් දී තිබෙනවා.

චීනය විසින් නිෂ්පාදනය කරන ලද K-8W ගුවන් යානා 2020 දී බංග්ලාදේශයට ලැබුණු අතර කෙටි කලක් තුල වෙඩි තැබීමේ ගැටලු සම්බන්ධයෙන් බංග්ලාදේශ ගුවන් හමුදාව විසින් වාර්තා කරනු ලැබුවා.

පියාසර කරමින් සිටි K-8W ගුවන් යානය කඩා වැටීමෙන් බංග්ලාදේශයට එහි නියමුවන් දෙදෙනා ද අහිමි වුණා.

‍බංගලාදේශ නාවික හමුදාවට සපයන ලද චීන නාවික යාත්‍රාවල ගුණාත්මක භාවය ද ප්‍රශ්නසහගතයි.

චීන 053H3 නෞකාවන් 2020 දී බංග්ලාදේශයේ මොන්ග්ලා වරාය වෙත පැමිණියේ, අතරමගදී විවිධ දෝෂයන්වලට ලක් වීමෙන් පසුවයි.

මෙයට ක්‍රියාකාරී නොවන නාවික රේඩාර් සහ තුවක්කු පද්ධතියක් ඇතුළත් වුණා.

සරදමකට මෙන්, මෙම යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා චීනය අමතර මුදලක් ඉල්ලා තිබෙනවා.

චීනය 2013 දී භාවිත කරන ලද Type-035G Ming-class සබ්මැරීන දෙකක් බංග්ලාදේශයට ඩොලර් මිලියන 100 කට වඩා වැඩි මුදලකට විකුණා ඇතැයි සඳහන්.

කෙසේ වෙතත්, මෙම සබ්මැරීන ඒවායේ උපයෝගීතාව ඉක්මවා ඇති බව පසුව සොයා ගැණුනා.

චීනය විසින් බංග්ලාදේශ ජාතිකයින් පුහුණු කිරීම සම්බන්ධයෙන් ද ගැටළු වාර්තා වනවා.

Changchun ගුවන් සේවා විශ්වවිද්‍යාලයේ චීන නිලධාරීන් විසින් බංග්ලාදේශ ගුවන් හමුදා නිලධාරීන්ට අයුතු ලෙස සැලකූ බව වාර්තා වුණා.

බංගලාදේශයට සැපයූ චීන මිසයිල පද්ධති බහුවිධ ගැටලු ඇති කිරීම හේතුවෙන් වරක් ගෙවීම පවා අත්හිටුවීමට බංග්ලාදේශයට පියවර ගත්තා.

බංග්ලාදේශය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට බටහිරට වඩා වාසිදායක මිල ගණන් ලබාදෙන චීනය වෙත යොමු වීමට සිදුව තිබෙනවා.

මේ හේතුව නිසා, බංග්ලාදේශ හමුදාව NORINCO නම් චීන සමාගම විසින් නිෂ්පාදනය කරන ලද සැහැල්ලු ආයුධ, කාලතුවක්කු සහ සන්නද්ධ වාහන අත්පත් කර ගත්තා.

බංග්ලාදේශයට පමණක් නොව, චීනය බොහෝ රටවලට දෝෂ සහිත උපකරණ සහ ආයුධ සපයා ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23