ආරක්ෂක ලේකම්වරයා සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පසුගියදා මොස්කව් නුවරදී රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය වාසිලි ඔස්මාකොව් හමුවුණා.

මොස්කව්හි දී මැයි 26 සිට 29 දක්වා පැවැත්වෙන පළමුවන ජාත්‍යන්තර ආරක්ෂක සංසදය සහ ආරක්ෂක ගැටළු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ වාර්ෂික රැස්වීමට සමගාමීව මෙම හමුව සිදුව තිබෙනවා.

මෙම හමුවේදී දෙරට අතර කලාපීය සහ ගෝලීය වශයෙන් වැදගත් ආරක්ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ආරක්ෂක ක්ෂේත්‍රවල, විශේෂයෙන්ම යුධ-තාක්‍ෂණික සහයෝගීතාව, ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම දෙරට අතර පුහුණුවිම්වලට අදාළ අවස්ථා ඉහළ නැංවීම වෙනුවෙන් පවතින අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම තහවුරු කළා.

තවද, දැනට රුසියානු සමූහාණ්ඩුවේ සේවය කරන හිටපු ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ට අදාළ කරුණු පිළිබඳවද දෙපාර්ශවය විසින්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනී ගුණසේකර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සරි අංශයේ ප්‍රධානී මිහිරාවි දිසානායක සහ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු දිනේෂ් කසාගල යන අය සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15