ආරක්ෂක ලේකම්ට, අමාත්‍යාංශ ලේකම් ධුරයක්

අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මහලේකම් ධම්මික දසනායක පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි වූ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද වනවා.

ඔහුට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්. එච්. කරුණාරත්තටත් , උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එල්.පී.ආර්. අභයරත්නටත්, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එන් ලියනගේ මහත්මියටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මහලේකම්වරයා සඳහන් කළේ.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතාත්, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මියත්, පත් කිරීමට මෙම කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.

කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.එන්. රණසිංහ මහතා පත්කිරීම්ටත්, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සදහටම සමුගෙන යන ආදරණීය හිතවතා දෙස ඈත සිට දුක්බරව බලාසිටි රන්ජන් රාමනායක
00:11
Video thumbnail
අනාගත ජනාධිපති සජිත් බව කියමින් පැමණි සිටි ජනතාව කොළඹ හොල්ලමින් කෑගැසූ හැටි..
00:16
Video thumbnail
නාමල්ව ගෙනල්ලා අත්අඩංගුවට ගන්න යන්නේ ?ඩී.වී.චානක හෙළිකරයි
02:32
Video thumbnail
ආරක්ෂකයින් පිරිවරාගෙන සජිත් උද්ඝෝෂණයෙන් පිටව ගිය හැටි - පොරකකා සජිත් එක්ක Selfie ගහයි
01:54
Video thumbnail
මහ සෙනඟ මැද සජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - අනුරව අපි ජන බලයෙන් ගෙදර යවනවමයි
10:43
Video thumbnail
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..සජබය දෙවනත් කරයි - සෙනඟ මැදින් සජිත් එයි
02:40
Video thumbnail
සෙනඟ මැදින්, ප්‍රියංකරට සමුදෙන්න ආ විපක්ෂ නායක සජිත් - මගේ තාත්තාට උපරිම සහයෝගය දුන්නා
03:06
Video thumbnail
සලේගේ නඩුව ගැන රොහාන් ද සිල්වා පියතුමා හෙළිකළ දේ - අපිට සැකයි හිතාමතා පරක්කු කරනවද කියලා
04:41
Video thumbnail
නීතිඥයින් අටමස්ථානාධිපති බැහැ දකින්න යයි - අපි නීතීඥවරු හැටියට නීතියට ගරු කරනවා
13:10
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39