ආරක්ෂක භටයින්ට අමානුෂික ලෙස පහර දුන් නගරාධිපති

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා බම්බලපිටියේ කොතලාවල ඇවනිවු හි පිහිටි ආරවුල් සහගත ඉඩමකට ගොස් (15) පෙරවරුවේ එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී ඇතැයි වාර්තා වේ.

මේ සිද්ධියෙන් එක් ආරක්ෂකයකුගේ දත් වලට තුවාල සිදුව ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට බම්බලපිටිය පොලිසිය කටයුතු යොදා ඇති බවපැවසේ.

අදාළ ඉඩමට දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියන අතර එම ආරවුල හේතුවෙන් බම්බලපිටිය පොලිසිය විසින් එම ඉඩමට 66 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමක්ද සිදුකර ඇති බව පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් දෙපාර්ශවයම එම ඉඩමට ආරක්ෂකයින් දමා ඒ සඳහා ආරක්ෂාව ලබාදී ඇති බව වාර්තා වේ.

එම ඉඩමට මුස්ලිම් ව්‍යාපාරිකයකු හා කොළඹ 7 හි පදිංචි සිංහල ව්‍යාපාරිකයකු අයිතිවාසිකම් කියන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එරාජ් මෙසේ පහරදී ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් “රෙඩ් හෝක් සිකියුරිටි” නම් ආරක්ෂක සමාගමෙන් ලබාගෙන සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුටය.

මීට පෙරද එරාජ් මේ ඉඩමට ඇතුළුවීම හා ඔහුගේ ආරක්ෂකයින් සිංහල ව්‍යාපාරිකයාට ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්විය.

එම සිද්ධිය නිවුස් ෆස්ට් වාර්තාකර තිබුණේ මෙසේය.

  1. මෙ වේසිගෙ පුතාට චන්දය දීල නගරදිපති කරපු උන්ට ඉස්සෙල්ලාම පිස්සන් කොටුවට යවල ඉන්න ඔනෙ ; මූ ඉස්සරත් පිස්තොල අරන් මිනිසුන් බිය වද්දමින් දුවපු පාහර මැරයෙක් , අපෙ නූගත් බත් කන මීහරක් තාමත් චන්දය දෙන්නෙ මෙ වාගෙ මැරයන් හට ස්ත්‍රී දූශකන්ට ; කසිප්පු කාරයන්ට ; කුඩු කාරයන්ට , ඉතින් කොහොමද ලස්සන රටක් හදන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46