ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (10) දින ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වුණා.

76 වන යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික හමුදා උත්තමාචාරයක් ද පිරිනමනු ලැබුවා.

එහිදී ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් ඇමතූ මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) ජනාධිපතිතුමා වෙනුවෙන් ජාතික ස්වෛරීත්වය ආරක්‍ෂා කිරීමට දක්වන ලද නොසැලෙන කැපවීම, පශ්චාත් යුද සමයේදී ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා දැක්වූ දායකත්වය මෙන්ම, ස්වාභාවික විපත් හා ජාතික හදිසි ආපදා අවස්ථාවල දී දක්වන ලද කාර්යක්‍ෂම ප්‍රතිචාරය වෙනුවෙන් යුද හමුදාව වෙත සිය හෘදයාංගම ස්තූතිය පුද කළා.

එමෙන්ම, ඔහු සිය වෘත්තීය අත්දැකීම් ඇසුරින් කරුණු දක්වමින්, හමුදාමය වෘත්තීයභාවයේ මූලික පදනම ලෙස විනය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අතර ආදර්ශයෙන්, උපදේශනයෙන් සහ හමුදා ප්‍රමිතීන් ස්ථීර නමුත් සාධාරණව බලාත්මක කිරීමෙන් හමුදා සාමාජිකයන් තුළ විනය පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ඔහු එම නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.

තවද, සියලු අංශවල විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් ඉහළ වෘත්තීය ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබෙනවා.

දූෂණ හා වංචා ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා හමුදා සම්පත් සහ මෙහෙයුම් කළමනාකරණයේදී අවංකභාවය පවත්වා ගතයුතු බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

  1. ශ්‍රී ලංකා යුධ හමුදාව ඊශ්‍රායලය හා ඇමරිකානු සහාය මත දියුණුම තත්වයට ගෙන ඒමට කටයුතු කර ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදයෙන් රට බේරා ගනිමු .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14