ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වාණිජකරණයට අවධානය

ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු විධිමත් කිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් සංවිධානය කරන ලද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පැවැත් වුණා.

මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පොලීසියේ පර්යේෂණ හා සංවර්ධන ඒකක සහභාගී වුණා.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සම්පූර්ණ කර ඇති සහ අවසන් කිරීමට ආසන්න පර්යේෂණ, ආර්ථික කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගනිමින් ඒ සඳහා ආයෝජනයට ඉඩ ප්‍රස්ථාව ලබාදීම තුළින් රටේ සංවර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ NIRDC ඒකකය ස්ථාපිත කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා වන තාක්ෂණික හා විද්‍යාත්මක දියුණුව වෙනුවෙන් ආරක්ෂක අංශ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා.

එය සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්වත් කිරීම සිදු කෙරුණු අතර, විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත් වුණා.

ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන ලදුව මේ වන විට සම්පූර්ණ කර ඇති පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති මෙන්ම අර්ධ වශයෙන් නිම කෙරුණු ව්‍යාපෘති පිළිබඳවත්, ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර ඇති පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහිදී ගැඹුරින් විමසා බැලුණා.

මෙම ක්ෂේත්‍රවලට අදාළ පර්යේෂණ හා සංවර්ධන ඒකක අතර සහයෝගීතාව සඳහා ඇති අවස්ථා හඳුනා ගැනීම, නවෝත්පාදන හැකියාවන් වර්ධනය කර ගැනීම සහ එම සම්පත් බෙදා ගැනීම සඳහා ඇති හැකියාව සොයා බැලීමත්, සිවිල් හා ආරක්ෂක පර්යේෂණ අංශ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ගත හැකි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

සාකච්ඡාව ඵලදායී ලෙස අවසන් වූ අතර ඉදිරියේ දී වාණිජකරණය කිරීමට හැකි නවෝත්පාදන හඳුනාගන්නා ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40