ආරක්ෂක කවුන්සිල සභාපතිත්වය රුසියාවට හිමි වීම ගැන රටවල් කිහිපයක විරෝධය

ජගත් ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය මෙවර රුසියාවට හිමිව තිබෙනවා.

කවුන්සිලයට අයත් සාමාජික රටවල් 15 අතරින් ස්ථිර සමාජිකත්වය දරන රටකට සෑම මසකම එහි සභාපතිත්වය ප්‍රදානය කෙරෙනවා.

නමුත් රුසියාව විසින් සිදුකර ඇති යුක්රේන ආක්‍රමණය සහ රුසියාවට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා මධ්‍යයේ ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය රුසියාවට ප්‍රදානය කිරීම කෙරෙහි ඇමෙරිකාව, යුක්රේනය ඇතුළු රටවල් කිහිපයක් දැඩි විරෝධය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර රුසියාවට ආරක්ෂක කවුන්සිලයේ මුලසුන ප්‍රදානය කර තිබුනේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී යි.

එම මාසයේදී ම රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කල අතර මේ දක්වා දෙරට අතර යුද්ධයක් පවතිනවා.

මේ හේතුවෙන් යළිත් වරක් ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය උසුලන රුසියාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ආරක්ෂක කවුන්සිලයේ සෙසු රටවල් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි විමසිල්ලෙන් පසුවන බවයි ජාත්‍යන්තර මාධ්‍යය පෙන්වා දෙන්නේ.

ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය හිමිවීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් රුසියානු පාර්ලිමේන්තුව නිවේදනය කලේ රුසියාවට පැවරී ඇති වගකීම නිසි අයුරින් ඉටු කරමින් රුසියාව සතු සියලුම අයිතීන් ක්‍රියාවට නංවන බවයි.

කෙසේනමුත්, ජගත් ආරක්ෂක මණ්ඩල සභාපති අසුන රුසියාවට ප්‍රදානය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවට එල්ලවූ කම්මුල් පහරක් බව ආරක්ෂක කවුන්සීලයේ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්රෝ කුලේබා ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12