ආරක්ෂක අමාත්‍යයන්ශයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

මාධ්‍ය නිවේදනය

ඉන්දීය රජය සමඟ මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ඇති බව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත.

පිටතින් සේවය ලබාගැනීමේදී වාර්ෂික වියදම රුපියල් මිලියන 600 ක් පමණ වන නැව් අලුත්වැඩියාව වෙනුවෙන් ඉන්දියානු රජයෙන් කිසිදු වියදමකින් තොරව පාවෙන තටාකාංගන පහසුකම ලබාදීම සඳහා ක්‍රියාත්මක වූ යෝජනාව 2015 වසරේ සිට ආරම්භ වුවකි.

ඩෝනියර් නිරීක්ෂණ යානය මූලික වශයෙන් සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු, පිරික්සුම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සහ විවිධ අවස්ථාවන් වලදී අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා යොදා ගැනේ. ශ්‍රී ලංකාව සතුව මෙම පහසුකම සහ තාක්ෂණය නොමැති හෙයින්, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර සිදුවූ සාර්ථක ද්විපාර්ශ්වික සබඳතා වලින් පසුව, එක් ඩෝනියර් නිරීක්ෂණ යානයක් ගාස්තුවකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී ඇත.

ඒ අනුව, එම ගුවන් යානය නිෂ්පාදනය සඳහා වෙන් කර ඇති කාල සීමාව තුළ, එවැනිම ගුවන් යානයක් ඉන්දීය රජය විසින් ලබාදෙනු ලබන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් විසින් එම යානය පියාසර කරනු ලබයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සහ ගුවන් යානා නඩත්තු ශිල්පීන් මේ පිළිබද අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්නා තෙක් ඔවුන් පුහුණු කිරීම සඳහා ඉන්දීය පුහුණු කණ්ඩායමක් ද දිවයිනට පැමිණීමට නියමිතය. මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිවැයක් කපා හැරීමට හැකිවන අතර, සමුද්‍රීය ආරක්‍ෂාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවීම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට අමතර දැනුමක් ලැබීමද මෙයින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ වේ.

තවද, කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Centre in Colombo) සඳහා ඉන්දීය රජය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 6 ක ප්‍රදානයක් සමඟ එම මධ්‍යස්ථානය පිහිටුවීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. විවිධ වූ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීම සඳහා කලාපයේ ක්‍රියාත්මක වන විපතට පත් යාත්‍රා පිරික්සුම් හා ගලවා ගැනීමේ සේවාවන් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට සහ ඒවායේ ආරක්ෂාව සහතික කිරීමට සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනට අයත් මුහුදු කලාපය තුල වෙළඳ නෞකා සඳහා පිරික්සුම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකිරීමේ වගකීම දරණ අධිකාරිය වේ. තවද ජාත්‍යන්තර සමුද්‍රීය මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා නිල නියෝජිත ආයතනය වන වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් ඉහත කී ශ්‍රී ලංකා සෙවුම් හා පිරික්සුම් කලාපයේ සියළුම සෙවුම්, පිරික්සුම් හා ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇත.

සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 1,778,062.24 ක සීමාවක් සඳහා එනම්, ශ්‍රී ලංකා භූමි ප්‍රමාණය මෙන්  27 ගුණයක සීමාවක සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සිදුකිරීමේ වගකීම දරයි. ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහි ප්‍රධාන කොටස්කරුවා වන අතර, තවත් සංවිධාන කිහිපයක සහයෝගයෙන්  ක්‍රියාත්මක වනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රථමයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2017 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද්දකි.

ඉහත කී ගිවිසුම් තුන අත්සන් කිරීමට පෙර, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු එයට අදාල වන අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇත.

මෙමගින් යටිතල පහසුකම් දියුණුකිරීම සහ සංවර්ධනය සමඟ සබැඳි ආර්ථික සහ ආරක්ෂක වශයෙන් ප්‍රතිලාභ අත්වීම හැර, ස්වෛරී දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයක අවදානමක් හෝ තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් තහවුරු කරයි.

ආරක්ෂක අමාත්‍යංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16