spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආරක්ෂක අංශ වෙත වැඩබලන ජනාධිපතිගෙන් විශේෂ උපදෙසක්

ලබන 20 වනදා සිදු කෙරෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තොරාගැනීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය අවහිර කරමින් බලපෑම් සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තර්ජන එල්ල කිරීම හේතුවෙන් නිදහසේ ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි මන්ත්‍රීවරුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පවසා ඇත්තේ.

එය සැළකිල්ලට ගෙන වැඩබලන ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට පාර්ලිමේන්තුව වෙත යාමට හා ඒමට මෙන්ම පාර්ලිමේන්තුව තුළ දී නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු බව පෙන්වා දෙන වැඩබලන ජනාධිපතිවරයා ඊට එරෙහිව කටයුතු කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් බවයි පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?