ආරක්ෂක අංශ නව දැනුමින් සන්නද්ධ කළ යුතුයි – ජනපති

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තරයේ සිදුවන හමුදා ක්‍රියාකාරකම් දෙස බැලූ විට මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙලුම් පොකුණ රඟ‍හලේදී අද (14) පස්වරුවේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමින්.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීන් 148 දෙනෙකු මෙහිදී උපාධි ලබා ගත්තා.

ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් ආරක්ෂක විද්‍යාලය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉදිරි දශකයට ගැළපෙන පරිදි මෙරට ආරක්ෂක හමුදාව සූදානම් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශ රටවල ආරක්ෂක අංශ නිලධාරින්ටත් ශ්‍රී ලංකාවේ පාඨමාලාවලට සහභාගීවීමට අවස්ථාව සලසා දීම තුළින් ආරක්ෂක අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට හැකියාව පවතින බවයි කියාසිටියේ.

ආසියානු කලාපයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් සතුව විශේෂ හැකියාවන් පවතින අතර එම හැකියාවන්ට කෘත්‍රීම බුද්ධිය වැනි නව තාක්ෂණික දැනුම එක් කිරීම මගින් නවීන ආරක්ෂක සේනාවක් ඇති කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

ආරක්ෂක උපාය මාර්ග කරුණු අධ්‍යනය කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, කැඩෙට් පුහුණු පාසල සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය යන ආයතන ත්‍රිත්වයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමේ දේශපාලනික ස්වභාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය අනුකම්පාව දිනා ගැනීම සඳහා විවිධ රටවල් ගෙන යන ක්‍රියාකලාපයද මෙහිදී අනාවරණය කර තිබෙනවා.

වර්තමානයේ ජාත්‍යන්තර යුද ගැටුම් ඇතැම් මාධ්‍ය ඔස්සේ මහජන කතිකාවතක් දක්වා විකාශනය වී ඇති බවත් එමඟින් ලෝක මහජන ආරක්ෂාවට අනිසි අන්දමින් බලපෑම් එල්ලවිය හැකි බවත් සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සාම්ප්‍රදායික ආරක්ෂක යුද ක්‍රමවේදවලින් ඉවත්ව ගෙන යන මෙම යුද ගැටුම් ස්වභාවය අනාගත මානව වර්ගයාට බලපෑ හැකි අන්දම පිළිබඳ අධ්‍යනය කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25