ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ස්ථානයක් බව ලෝකයට කියන්න මෙරටට ආ ඇලෝයි බ්ලැක් (වීඩියෝ)

ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම සිය අපේක්ෂාව බවත්, ශ්‍රී ලංකා රජය සහ ජාතික පර්යේෂණ හා සංවර්ධනය කටයුතු සඳහා මුලපිරීමේ වැඩසටහන හා සහයෝගයෙන් කටයුතු කිරීමට එය අද්විතීය අවස්ථාවක් වන බවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන ඇලෝයි බ්ලැක් (Aloe Blacc) මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ දැනට පවතින සහ නව සමාගම් යන කොටස් දෙකම ඇතුළුව ශ්‍රී ලංකාව තුළ සිදු වන විවිධ ආයෝජන සහ සංවර්ධනය වෙමින් පවතින නව සංකල්පය පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඉතාමත් සුවිශේෂි අවස්ථාවක් වන බව සඳහන් කළ ඇලෝ බ්ලැක් මහතා, එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින බොහෝ ආයෝජකයින් සමඟ තමන්ට ඉතාමත් සමීප සම්බන්ධතා පවතින බවත්, ශ්‍රී ලංකාවේ පවත්නා විභවයන් පිළිබඳව ඔවුන් හා කරුණු සාකච්ඡා කිරිමට තමන් අදහස් කරන බවත් ප්‍රකාශ කර සිටි බවයි.

සංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන බ්ලැක් (Aloe Blacc) මහතා තෙදින සංචාරයක් සඳහා අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා.

විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඇලෝ බ්ලැක් මහතා ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුවා.

ඔහුගේ ‘I Need a Dollar’ (අයි නීඩ් අ ඩොලර්) සහ ‘Wake Me Up’ (වේක් මී අප්) වැනි ගීත ගීත ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් ගීත වන අතර, ඇලෝ බ්ලැක් මහතාගේ මෙරට සංචාරය තුළින් ජෛව තාක්‍ෂණය, සෞඛ්‍ය සේවා නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පිළිබඳ ඔහු තුළ වන උනන්දුව පිළිබිඹු කරනු ඇති.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින දින තුනක, ඔහු දේශීය ව්‍යවසායකයින්, කලාකරුවන් හමු වෙමින් සංස්කෘතික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගිතාවන් වර්ධනය කර ගැනිමට අපේක්ෂා කෙරෙනවා.

මෙම සංචාරයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කුරුඳු, කජු නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කාබනික නිෂ්පාදන, ස්වාභාවික ශක්තිජනක පාන වර්ග,ආහාර සහ කෘෂිකර්මාන්තය පිළිබඳ දේශීය විශේෂඥ ව්‍යවසායකයින් හමු වීමට ද නියමිතව සිටිනවා.

මීට අමතරව, ඇලෝ බ්ලැක් මහතා ජෛව තාක්‍ෂණ විශේෂඥයින් සමඟ සාකච්ඡා සහ ආයෝජන සමුළු කිහිපයකටද සහභාගි වීමට නියමිතව ඇති අතර, සුප්‍රසිද්ධ සංගීතඥයින් සහ නවෝත්පාදකයින් සමඟ අන්තර්ක්‍රියාකාරී සැසි කිහිපයක් සඳහා ද සහභාගී වනු ඇති.

සීගිරිය සහ මින්නේරිය ඇතුළු සංස්කෘතික වටිනාකමකින් යුතු ප්‍රදේශයන්හි සංචාරය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ඇලෝ බ්ලැක් මහතා සංගීතය, ව්‍යවසායකත්ව මෙන්ම සමාජ සේවා කටයුතුවල ද මනා කළමනාකරණයකින් යුක්තව නියැළෙන්නෙක්.

විද්‍යාඥයෙකු වීමේ අපේක්ෂාවෙන් සිටි මොහු, වසංගත රෝග වැළැක්වීම සඳහා ජෛව තාක්‍ෂණ විසඳුම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, 2022 දී කොවිඩ් වසංගතයෙන් පසු Major Inc. ආයතනය ආරම්භ කළා.

එක්සත් ජනපද නාවුක බළකායේ ප්‍රවීණයෙකු ද වන ඇලෝයි බ්ලැක් මහතාගේ පියාගේ දිරිගැන්වීමෙන් ආරම්භ කළ මෙම ආයතනය මේ වන විට ලොව පළමු පෙළේ විද්‍යාඥයින් බොහෝ දෙනෙකු සමඟ එක්ව වෛරස් ආසාදනයන් මර්දනයට පිළිබඳව කටයුතු කරමින් සිටිනවා.

ජෛව තාක්ෂණය හැරුණු විට නවෝත්පාදනය සඳහා ඔහු තුළ වන උනන්දුව තවදුරටත් විදහා දක්වමින් පොලිග්‍රාෆ් සහ ජිරොප්ටික් වැනි තාක්ෂණික ව්‍යාපාරයන් ආරම්භ කිරිම සඳහා ද ආයෝජනයන් සිදු කරමින් සිටිනවා.

මෙම ව්‍යාපාරික කටයුතුවලට අමතරව, ඇලෝ බ්ලැක් මහතා සංගීතය සහ සමාජ සේවා කටයුතු ද අඛණ්ඩව සිදු කරගෙන යනු ලබනවා.

ඔහුගේ නවතම ඇල්බමය වන Stand Together -2025 තුළින්, එකමුතුකම සහ දරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කෙරෙනවා.

ඇලෝයි බ්ලැක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඔහුගේ සංගීත විශේෂඥතාව පමණක් නොව, නවෝත්පාදනය, විද්‍යාව සහ සමාජ වගකීම සඳහා ද වන උනන්දුව පෙන්නුම් කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20