ආයෝජකයින් දිරිමත් කිරීමට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයන්

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අදාළ නිවැරදි කරුණු ආයෝජකයින් වෙත බෙදා හැරීමට සහ ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් හයකට නියෝජිතයින් පත් කර තිබෙනවා.

ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම විසින්.

ඉන්දියාව, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු කොරියාව, කටාර් සහ එක්සත් රාජධානිය වැනි රටවල් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවිධ අංශවල මනා පළපුරුද්දක් ඇති නියෝජිතයින් කටයුතු කරනු ඇති.

උත්සවයක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ ප්‍රතිරූපයට අහිතකර සහ දැවැන්ත බලපෑමක් ඇති කරන විදෙස් මාධ්‍යවල ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරුවලින් රටේ ප්‍රතිරූපයට කැළලක් සිදුවන බව පැහැදිළිව පෙනෙන බවයි.

සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ශනය කර ගැනීමේ ජාත්‍යන්තර තරඟකාරිත්වය හමුවේ රටේ තත්ත්වය සහ ජාතියේ සන්නාමයේ ප්‍රවර්ධන අංගය ඉදිරියට පැමිණ ඇති බව ද රාජ්‍ය අමාත්‍ය අමුණුගම ප්‍රකාශ කළා.

ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්, මැලේසියාව සදහා මෙහොමඩ් හිල්මි කරීම්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි පත් කර තිබෙනවා.

එමෙන්ම දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර සහ මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් කන්නයියා ගජන් සන්නාම තානාපති ලෙස පත් කළ බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.

ඔනෑම ආයෝජකයෙකුට විශ්වාසනීයම හා පහසුම ආයෝජන ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට සියළු පාර්ශවයන් කඩිනමින් කටයුතු කළ යුතු අතර, යල්පැන ගිය වඩාත් වෙහෙසකර ක්‍රමවේදයන්ගෙන් බැහැරව ක්ෂණික, විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයන් හදුන්වාදිය යුතු බව ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26