spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආයෝජකයින් දිරිමත් කිරීමට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයන්

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අදාළ නිවැරදි කරුණු ආයෝජකයින් වෙත බෙදා හැරීමට සහ ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් හයකට නියෝජිතයින් පත් කර තිබෙනවා.

ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම විසින්.

ඉන්දියාව, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු කොරියාව, කටාර් සහ එක්සත් රාජධානිය වැනි රටවල් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවිධ අංශවල මනා පළපුරුද්දක් ඇති නියෝජිතයින් කටයුතු කරනු ඇති.

උත්සවයක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ ප්‍රතිරූපයට අහිතකර සහ දැවැන්ත බලපෑමක් ඇති කරන විදෙස් මාධ්‍යවල ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරුවලින් රටේ ප්‍රතිරූපයට කැළලක් සිදුවන බව පැහැදිළිව පෙනෙන බවයි.

සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ශනය කර ගැනීමේ ජාත්‍යන්තර තරඟකාරිත්වය හමුවේ රටේ තත්ත්වය සහ ජාතියේ සන්නාමයේ ප්‍රවර්ධන අංගය ඉදිරියට පැමිණ ඇති බව ද රාජ්‍ය අමාත්‍ය අමුණුගම ප්‍රකාශ කළා.

ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්, මැලේසියාව සදහා මෙහොමඩ් හිල්මි කරීම්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි පත් කර තිබෙනවා.

එමෙන්ම දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර සහ මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් කන්නයියා ගජන් සන්නාම තානාපති ලෙස පත් කළ බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.

ඔනෑම ආයෝජකයෙකුට විශ්වාසනීයම හා පහසුම ආයෝජන ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට සියළු පාර්ශවයන් කඩිනමින් කටයුතු කළ යුතු අතර, යල්පැන ගිය වඩාත් වෙහෙසකර ක්‍රමවේදයන්ගෙන් බැහැරව ක්ෂණික, විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයන් හදුන්වාදිය යුතු බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?