ආයුර්වේද නිෂ්පාදනයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණයක්

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසනවා.

පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳාගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ආයුර්වේද සංස්ථාවේ මූලිකත්වයෙන් ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන (බොඩි මන්ත්‍ර) දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වාදෙන බව බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා,

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ රැසක් ලබාගැනීමට මේ වන විට අප සමත් වී තිබෙනවා. ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කර ගැනීම සඳහා රජය තීරණය කර තිබෙනවා. එමඟින් සෞඛ්‍ය සේවයේ වියදම් අවම කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

පාරම්පරික වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීමට විශේෂ කාර්යාංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. පාරම්පරික වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් විධිමත් ආයතනයක් ගොඩනගන තෙක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසදාගැනීම සදහා මෙම විශේෂ කාර්යාංශය පිහිටු වෙනු ඇති. ලියාපදිංචි වූ සහ ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සඳහා නිසි පිළිගැනීමක් ඇති කිරීම, එම වෛද්‍ය ක්‍රමය පිළිබදව අධ්‍යයනයන් සිදුකිරීම සහ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම මෙන්ම එම වෘත්තීය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම එමඟින් සිදුකිරීමට නියමිතයි.

ඒ පිළිබදව සාකච්ඡා කිරීමෙන් පසු, මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි, සංදේශයේ 03 ඡේදයේ 03.1 අනුඡේදයෙහි යෝජිත අයුරින් පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම පිණිස අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපිත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ වගේම ආයුර්වේද සංස්ථාව මූලික වෙමින් ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන (බොඩි මන්ත්‍ර) දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා. මෙමඟින් දේශිය වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදුවනු ඇතැයි අප විශ්වාස කරනවා. උපාධිධාරී පුහුණු සම්භාහකයින්ගේ අධීක්ෂණය යටතේ ශාරීරක සුව සත්කාරක සේවය ඇති කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගය ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට නියමිතයි.

මෙය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දේශීය වශයෙන් හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන සියලුම ආයතනවලට මේ සඳහා ලියාපදිංචි වන ලෙස අප ආරධනා කර සිටිනවා. ඒ පිළිබද පුවත්පත් දැන්වීම මේ මස 10 වනදා නිකුත් කෙරෙනවා.

එමෙන්ම මෙම වසර අවසාන වීමට පෙර දේශීය ඖෂධ නිෂ්පාදනය සහ වගා කිරීම වාණිජ කර්මාන්තයක් ලෙස නගාසිටුවීමට බලාපොරොත්තු වනවා. එය මේ දක්වා පැවතුණේ යැපුම් මට්ටමින් වන අතර මින් ඉදිරියට වාණිජ මට්ටමින් සිදු කිරීමට අප සූදානම් බව සඳහන් කළ යුතුයි.

දකුණේ වැසි සහිත කාලගුණයට අදාළව වී වගා කෙරෙනවා. එම තත්ත්වය මත අපට අස්වැන්න ලබාගත හැක්කේ එක් වතාවක් හෝ දෙවතාවක් පමණයි. නමුත් වී වගාවට සමාන්තරවම තිප්පිලි ද වගා කළ හැකියි. එය එකම දේශගුණික සහ පාරිසරික තත්ත්වය මත කන්න හතරකට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වී කිලෝ එකක් රුපියල් 150 හෝ 200ක් වන අතර තිප්පිලි කිලෝ එකක් රුපියල් 9000කට අලෙවි කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා සාම්ප්‍රධායික වගා ක්‍රම වෙනුවට වාණිජමය වගාව කෙරෙහි යොමු කිරීමට ද අප සූදානම් බව සඳහන් කළ යුතුයි. දේශීය වශයෙන් අමුද්‍රව්‍ය අප රට තුළම නිෂ්පාදනය කරගැනීම මෙහි තවත් අරමුණක් වනවා.

ඒ වගේම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරතවන රාජ්‍ය සේවකයින් සඳහා “සුව දරුවෝ වැඩසටහන” මගින් නීරෝගී සහ දියුණු අධ්‍යාපනයක් ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා. ආයුර්වේද සභා බලගැන්වීම ද අපගේ තවත් අරමුණක් වනවා. එමෙන්ම ඉදිරි මාස කීහිපය තුළ අප රටේ සිටින දේශීය ඖෂධ නිෂ්පාදකයින් සහ එම ක්ෂේත්‍රයේ නිරත සියලුම නිෂ්පාදකයින්ට “ජනාධිපති රන් සම්මාන” ලබාදීමේ වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කෙරෙමින් තිබෙන බව කිව යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37