ආයතන රැසක සේවකයින්ගේ මාසික වැටුප ඉහළ දමයි.

පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි නියුතු ආරක්ෂක නිලධාරීන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000 දක්වා වැඩි කර තිබෙනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ අගොස්තු 08 දින සිට මෙම වැටුප් පරිමාණය ක්‍රියාත්මක වන බවයි.

මෙතෙක් පෞද්ගලික ආරක්ෂක අංශ අවම වැටුප පැවතියේ රුපියල් 10,500 ක් ලෙසයි.

ජාතික අවම වේතන සංශෝධනය අනුව අවම වේතනය රුපියල් 12,500 සහ අයවැය සහන දීමනා රුපියල් 3500 එක්වීම සමග පෞද්ගලික අංශයේ අවම වේතනය රුපියල් 16,000 දක්වා වැඩිවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එසේම පඩිපාලක සභා නීතියට අනුව පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දෛනික සේවා කාලය කෑම පැය සමග පැය නවයක් වනු ඇති.

ඉන් ඔබ්බෙහි සේවය ලබා ගන්නේ නම් ඊට අතිකාල ගෙවිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කලා.

පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කරන බහුතරයක් දෙනා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් බවත්, ඔවුන්ට වෛද්‍ය හෝ අනියම් නිවාඩු නොලැබෙන බවත් සඳහන්.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ පවත්නා නීතිවලට අනුකූලව අදාල නිවාඩු ද මෙම සේවකයන්ට හිමිවන බවයි.

මෙම සම්මත නීති උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට පැමිණිලි කිරීමටද හැකියාව පවතිනවා.

මෙම වැටුප් වැඩි කිරීමට අදාල යම් හිග වැටුපක් ගෙවීමට ඇත්නම් ඒ සඳහා එම ආරක්ෂක සමාගම්වලට සහන කාලයක් ලබාදීමට තීරණය වී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14