ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැසියක්

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව වැඩිකිරීමේ සැසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පවත්වා තිබෙනවා.

ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසිනුයි මෙම සැසිය සංවිධානය කර තිබුණේ.

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එහි සභාපතිනිය වන (විශේෂඥ වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එදින සහභාගී නොවූ හෙයින් එහි සාමාජිකා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.

මෙම සැසිය මෙහෙයවනු ලැබුවේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය කිරීම් පිළිබඳ ජාත්‍යන්තර උපදේශිකා නඩේජ් රිච් ( Nadège Riche ) විසින්. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව වඩාත් ප්‍රගතිශීලීව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී ඇය කමිටුවේ අවධානය යොමු කර තිබෙනවා.

ලොව පුරා ආසන්න වශයෙන් බිලියනයක ජනතාවක් කිසියම් ආකාරයක ආබාධිත තත්ත්වයකින් ජීවත් වන බවත් එය ගෝලීය ජනගහනයෙන් 15% ක් නියෝජනය කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

එමෙන්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ආබාධ සහිත පුද්ගලයින්ගෙන් හතරෙන් තුනක් කාන්තාවන් සිටින බව ද මෙහිදී අවධාරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26