ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය UN නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් නීති සම්පාදනය හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරයා ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක නියෝජිතයන් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්වුණා.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ආන්ද්‍රේ ෆ්‍රැන්චේ මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ස්ථාපිත කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට ප්‍රශංසාව පළ කළ අතර, ආබාධ
සහිත පුද්ගලයන් ඇතුළත් සංවර්ධනය සියලු ක්ෂේත්‍ර ඔස්සේ ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකීමේ වැදගත්කම අවධාරණය කළා.

නීති ප්‍රතිසංස්කරණ, ප්‍රවේශ පහසුකම්, අධ්‍යාපනය, රැකියා අවස්ථා, ප්‍රජා මට්ටමේ පුනරුත්ථාපනය සහ ජාතික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ඇතුළු ක්ෂේත්‍රවලදී තාක්ෂණික විශේෂඥතාව සහ ආයතනික සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැපවී සිටින බවද ඔහු පැවසුවා.

යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත බෙගෝනා අරෙලානෝ, විශේෂයෙන් සෞඛ්‍ය, පෝෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවලදී ආබාධ සහිත දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු අධීක්ෂණ කාර්යභාරයේ වැදගත්කමද පෙන්වා දුන්නා.

එමෙන්ම UNFPA, UNDP, ILO සහ UN Volunteers ආයතනවල නියෝජිතයන් විසින් තරුණ කටයුතු, අධ්‍යාපනය, ආබාධිතභාවය සම්බන්ධ දත්ත රැස් කිරීම, රැකියා අවස්ථා සහ සමාජීය අන්තර්කරණය පිළිබඳ දැනට ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් සංසදය දැනුවත් කරනු ලැබුවා.

මෙහිදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සහ සංඥා භාෂාව පිළිබඳ පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර, එම පනත් කෙටුම්පත් 2026 සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

තවද, රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම, විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් සඳහා අධ්‍යාපන ප්‍රදාන හඳුන්වා දීම සහ මෙම වසර තුළ ආබාධ සහිත දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන දහයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, රජයේ අමාත්‍යාංශ මඟින් ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් අයවැය යෝජනා සකස් කිරීම, ජාතික ආබාධිත දත්ත පද්ධතිය අවසන් කිරීම සහ ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ වාර්තාකරණයේදී අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම ඇතුළු ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳවද සංසදයේ අවධානය යොමු වුණා.

සාකච්ඡාව අවසානයේදී සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා, සංසදයේ තේමාව වන ”බාධාවකින් තොර සමාජ ජීවිතයක්” තේමාව නැවත අවධාරණය කරමින්, සියලු පාර්ශ්ව එක්ව ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් සමාජයක් ගොඩනැගීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දුන්නා.

මෙම අවස්ථාව සඳහා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගයන්ත කරුණාතිලක සහ (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය, UNFPA, UNICEF, UNDP, ILO සහ UN Volunteers ආයතනවල නියෝජිතයෝ ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04