පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් අශක්නුතාවක් ඇති අයට ඉදිරි ඡන්ද විමසීම්වල දී ඡන්ද පත්‍රිකා සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකිවන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු වන අතර, ඔහු හෝ ඇය ඡන්ද විමසීම සඳහා තරඟ කරන අයෙකු නොවිය යුතුයි.
එමෙන්ම එම ඡන්ද විමසීමේ දී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන්නෙක් ද මෙන්ම ඊට අමතරව කිසියම් අශක්නුතාවට පත් නොවූ අයකු ද විය යුතු බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්
අදාළ නිවේදනය පහතින්.














