ආබාධිත ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටලු ගැන රජයේ පූර්ණ අවධානය

ආබාධිත ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳව ආබාධ සහිත කණ්ඩායම්වල නියෝජිතයන් සමග ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සාකච්ඡා කර තිබෙනවා.

මෙම සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම
නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සිදු වූ බවයි වාර්තා වන්නේ.

සංසදය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝජිතයින් තම ගැටලු පිළිබඳ මෙසේ සංසදය දැනුවත් කළ අතර සංසදයේ සභාපතිවරයා මෙම
ඉදිරිපත් වන සියලු යොජනා සහ අදහස් ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කමිටුවට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු
කරන බවත් පැවසුවා.

මෙහිදී පැමිණි නියෝජිතයන් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සියලු මැතිවරණවලදී නිශ්චිත කෝටාවක් වෙන්කරන ලෙස සංසදයට යෝජනා කෙරුණා.

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය සියලු දත්ත ඇතුළත් කරන ලද වෙබ් පිටුවක් සකස් කරන ලෙස සංසදයට යෝජනා කරන ලද අතර මෙම
වෙබ් අඩවියට ජංගම දුරකථන හරහා ද පිවිසීමට හැකි ආකාරයෙන් සකස් කරන ලෙස යෝජනා කළා.

බ්‍රේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන් ද සංසදයේ අවධානය යොමු කෙරුණු අතර
ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් නවවැනි පාර්ලිමේන්තුවට කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමු කර
එහි ඉදිරි කටයුතු සිදු කරන ලෙසද ඉල්ලා සිටියා.

මීට අමතරව ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක්ව පවතින ගුරු හිඟය සම්බන්ධයෙන් ද සංසදය දැනුවත් කළ අතර ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී යෝජනා ඉදිරිපත් වුණා.

මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) පත්මනාදන්
සත්‍යලිංගම්, චන්දිම හෙට්ටිආරච්චි සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන් ද සහභාගී වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14