ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා.

ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය වන අතර ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා,

ඉදිරි වසර වෙනුවෙන් සමාජය සවිබලගැන්වීම සඳහා සුවිශේෂී කාර්යයක් අප වෙත පැවරී තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභීන් අතරින් ලක්ෂ 10ක් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය අප අමාත්‍යාංශය වෙත පැවරී ඇති සුවිශේෂි කාර්යයක් වනවා. ලක්ෂ 16ක් වන ආබාධිත ප්‍රජාව මේ වන තෙක් නිසි ආකාරයෙන් සවිබල ගැන්වීම සිදුව නැති බව සඳහන් කලයුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ එම කර්තව්‍ය ද ලබන වසරේ අවසන් කිරීමට අප කටයුතු කරනවා.

දෙසැම්බර් මස පළමු වනදාට යෙදෙන ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් සමාරම්භක උත්සවයක් ලෙස ආබාධිත ජනතාවත් සෙසු ප්‍රජාව මෙන් සංවර්ධනයට දායක කරගැනීම සඳහා කටයුතු යොදා තිබෙනවා. එහිදී දිවයින පුරා සිටින ආබාධිත ජනතාව සංචාරක ව්‍යාපාරයට එකතු කරගැනීම වෙනුවෙන් “Empo 2023” තේමාව යටතේ කොළඹ සිට මහනුවර දක්වා දුම්රියෙන් ගමන් කරනවා. එහිදී දළදා මන්දිරය වන්දනා කිරීමෙන් පසු, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී විශේෂ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. චීනය, ජපානය ඇතුළු ලොව පුරා සිටින ආබාධිත ප්‍රජාව ද මෙම අවස්ථාව සඳහා එක්වීමට නියමිතයි.

ඒ වගේම ජනාධිපතිවරයාගේ උපදෙස් මත අබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරනවා. 2004 වර්ෂයේ සිට මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතුණ ද එය නිසි අයුරන් සකස් කරගැනීමට හැකි වූණේ නැහැ. එම පනත සකස් කර අවසන් කොට ලබන වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ආබාධිත දිනයේදී (දෙසැම්බර් 01) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම ආබාධිත ප්‍රජාව යනු තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවෙන බව අප රජයේ ප්‍රතිපත්තියයි. ඒ සඳහා ඔවුන් සංවර්ධනය වෙනුවෙන් මෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් දායක කරගැනීමට අප ක්‍රියා කරනවා. ආබාධිත ප්‍රජාව තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැහැ. ඔවුන්ට අප හා සමාන අයිතිවාසිකම්, තාක්ෂණික පහසුකම් සහ (Accessibility) ප්‍රවේශයත් ලබාදිය යුතුයි.

ජනවාරි මාස ආරම්භයේදී අප අමාත්‍යංශයේ සවිබලගැන්වීමේ ප්‍රධානතම ඉලක්කය වන්නේ නිෂ්පාදනයයි. අපගේ ප්‍රජාව දළ ජාතික නිෂ්පාදනයට දායක කරගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනවා. ඒ අනුව ක්ෂුද්‍ර මට්ටමේ ලක්ෂ 10ක නිෂ්පාදන ජාලයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වනවා.

ඒ වගේම සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය, විශ්‍රාම වැටුප් ක්‍රමය අනිවාර්යය කරන ලෙස සහ (disability studies) අබාධිත අධ්‍යයනය පාඨමාලාව විශ්ව විද්‍යාල විෂය නිර්දේශයට ඉදිරිපත් කරන ලෙසත් අප මෙවර අයවැය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23