ආබාධයකට ලක් වූ ස්ටීව් ස්මිත් යළිත් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ආබාධයකට ලක් ව සහභාගී වීම අවිනිශ්චිත මට්ටමක පැවති ස්ටීව් ස්මිත් ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්‍ය මට්ටමක සිටින බවට espncricinfo මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ ස්ටීව් ස්මිත්ගේ ආබාධයක් සංකීර්ණ නොවන බවටත් ඔහු හට වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ ක්‍රීඩා කළ හැකි බවට යන්නයි.

මෙම දැනුම්දීම අද (20) සිදු කර ඇති අතර ඉන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වනවා.

බිග් බෑෂ් ලීග් තරගයක් අතරතුර දී ස්ටීව් ස්මිත් වැලමිටෙහි ආබාධයක් ඇති වුණා.

මේ හේතුවෙන් ඔහුට පැවරුණු නායකත්වයේ වගකීම ට්‍රවිස් හෙඩ්ගේ කර මතටයි ඇද වැටුණේ.

ස්මිත් ද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කෙරුණේ සිය නිත්‍ය ටෙස්ට් නායකයා වන පැට් කමින්ස් සිය දෙවැනි දරු උපත වෙනුවෙන් නොපැමිණීම මතයි.

කෙසේවෙතත් මෙවන් පසුබිමක් මත අද දින ස්ටීව් ස්මිත් නැවතත් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වූ අතර ඉන් හෙළි ව ඇත්තේ දකුණු වැලමිටේ ආබාධය ඉතා ඉක්මනින් සුව අතට හැරෙන බැවින් ස්මිත් හට නැවත ටෙස්ට් කණ්ඩායම හා එක් වීමට ඩුබායි රාජ්‍යය බලා යාමට අවසර හිමි ව ඇති බවයි.

ඒ අනුව 35 හැවිරිදි ස්ටීව් ස්මිත් ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා පිතිකරණයෙන් සූදානම් වීමට එළඹෙන සිකුරාදා පුහුණුවීම් ඇරඹීමට ද නියමිත ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09