ආපු හේතුව හරි හැටි නොදත් පිට රැටියෝ දෙදෙනෙක් පිටුවහල් කෙරේ

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු විදේශිකයන් දෙදෙනෙක් ඔවුන් පැමිණි ගුවන් යානයෙන් ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීන් ඊයේ (19) රාත්‍රියේ කටයුතු කර තිබෙනවා.

මෙම සැක කටයුතු විදේශිකයන් දෙදෙනා පෙනුමෙන් චීන ජාතිකයන්ගේ හැඩහුරුකමින් යුතු වූ අතර, ඔවුන් සන්තකයෙහි වූ චීන ජාතික ගමන් බලපත්‍රවල ඔවුන් උපන් ස්ථානය ලෙස චීනයේ ප්‍රදේශයක නමක් සදහන් වී තිබූ බවයි වාර්තා වන්නේ.

මීට අමතරව කාම්බෝජ සහ තුර්කි ජාතික සත්‍ය ගමන් බලපත්‍ර ද (Genuine Passport ) ඔවුන් සතුව තිබී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් චීන රජයේ නීතියට අනුව එරට වැසියන්ට ද්විත්ව පුරවැසිභාවයන් තබා ගත නොහැකි වන අතර, එසේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගත හොත් චීන රජයේ පුරවැසිභාවය අහෝසි වනවා.

36 හැවිරිදි සහ 37 හැවිරිදි මෙම විදේශිකයින් දෙදෙනා ඊයේ (19) රාත්‍රි 09.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 403 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

එලෙස පැමිණි ඔවුන් මුදල් ගෙවා පහසුකම් සළසා ගන්නා ‘සේද මාවත’ ඔස්සේ ආගමන කවුළුව වෙත පැමිණ ඇති අතර, එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත හේතුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පැවසීමට අපොහොසත් වී තිබෙනවා.

චීන ජාතිකයින් මේ වනවිට ශ්‍රී ලංකාව තුළත්, අනෙකුත් විදේශීය රටවලත් මහා පරිමාණයෙන් පරිගණක අපරාධ සහ මුදල් අපරධයන්ට සම්බන්ධ වී සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් පැවැත්ම හේතුවෙන් ඒ පිළිබඳ සැළකිලිමත් වෙමින් මොවුන් දෙදෙනා ආපසු ඔවුන් පැමිණි ගමනාන්තය වෙත පිටුවහල් කිරීමයි කටයුතු කර තිබුණේ.

එලෙස මොවුන් දෙදෙනා පිටුවහල් කිරීමට පියවර ගැනීමත් සමඟ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නිර්නාමික බලපෑම් සහිත දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04