ආපදා මෙහෙයුම් සඳහා ඉන්දියවෙන් MI-17V5 හෙළිකොප්ටර් යානා දෙකක්

ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්වීමට ඉන්දීය ගුවන් හමුදාවේ MI-17V5 හෙළිකොප්ටර් යානා දෙකක් ශ්‍රී ලංකාව වෙත ළඟා වී තිබෙනවා.

මෙම හෙළිකොප්ටර් යානා දෙක ඊයේ (29) පස්වරුවේ මෙරටට පැමිණි බව ගුවන් හමුදාව සඳහන් කළේ.

මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය සමඟ ඉන්දීය භට පිරිස් සාමාජිකයින් 22 දෙනෙකු ද එහි පැමිණි ඇති බවයි වාර්තා වන්නේ.