spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආපදා මරණ ගණන ඉහළට – සහන සැලසීමට යුද සහ නාවික සහන කණ්ඩායම්

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් සඳහා සහන සැලසීමට නාවික හමුදාවෙන් සහන කණ්ඩායම් 48ක් යොදවා තිබෙනවා.

ඒ, අනුව අදාල කණ්ඩායම් අද (02) දිනයේ දී ආපදාවලට ලක් වූ ප්‍රදේශවලට යෙදවීමට කටයුතු කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමන්ම පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේගේ උපදෙස් මත භට පිරිස් අදාල ප්‍රදේශවලට යොමුකර ඇති බව ද වාර්තා වනවා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව හතරක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඊට අමතරව පවුල් 1,766 කට අයත් පුද්ගලයින් 7,649 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණයෙන් මහනුවර, නුවරඑළිය, ගාල්ල, රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?