ආපදා කළමණාකරනය කරන්න එජාපයෙන් ආණ්ඩුවට යෝජනා 16 ක්

පවතින ව්‍යසනයත් සමඟ දිවයිනේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත්, එක්සත් ජාතික පක්ෂයේත් ශෝකය පළ කර තිබෙනවා

එක්සත් ජාතික පක්ෂය පවසා සිටින්නේ කර ඇත්තේ ඒ අවස්ථාවේදී ඔවුන් හට කළ හැක්කේ ඔවුන් සතු දැනුමත්, පළපුරුද්දත්, අත්දැකීමුත් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත සදහා යෙදවීම බවයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි ගංවතුරවල් 15 වතාවකට පමණ මුහුණ දී ඇති අතර එයින් ප්‍රථම ගංවතුර තත්ත්වය සඳහා 1913 වර්ශයේදී මුහුණදුන් බවත් ඔවුන්ගේ පාලන කාලයේ එනම් 2017 වර්ෂයේත් මෙවන් අවස්ථාවන් වලට රජයන් මුහුණ දී ඇති බව එම නිවේදනයේ සඳහන්කර තිබෙනවා.

ඒ අනුව ජලය බැසයාමත් සමග ශ්‍රී ලාංකික මහජනතාව මුහුණ දෙන බරපතල ගැටලු කිහිපයක් සඳහා වහාම පියවර ගත යුතු යැයි එම නිවේදනය මඟින් රජයට රජයට යෝජනා කර තිබෙනවා.

  1. ග්‍රාම නිලධාරී වසම් 8000 ක පමණ සිදුවී ඇති මේ විනාශය වෙනුවෙන් ලබාදෙන සහන පිළිබඳ නිවේදනය කිරීම.
  2. විනාශ වී ඇති සියලු කර්මාන්ත සඳහා සහන ලබා දෙන මාර්ග තීරණය කර ප්‍රකාශ කිරීම.
  3. විවිධ ව්‍යාපාරිකයන්ගේ බැංකු ණය සහ ලීසිං මාස 06 ක සහන කාලයකට පොලී රහිතව ලබාදීම.
  4. අඩක් හානි වූ නිවාස වලට ගෙවන වන්දි මුදල් තීරණය කිරීම.
  5. පූර්ණ හානි වූ නිවාසවලට ලබාදෙන වන්දිවල උපරිමය සහ අවමය පැහැදිළිව තීරණය කිරීම.
  6. ජලයෙන් හානි වී ඇති සහ බොල් වී ඇති නිවාසවල බිත්ති බැලූ බැල්මට හානියක් නැතත් යතා තත්වයට පත් කිරීම සඳහා නිවසේ වර්ග අඩි ගණන අනුව යම් මුදලක් ලබාදීම.
  7. කෘෂිකාර්මික සමස්ත භෝග සඳහා එනම් ගොවිජනතාව ආරක්ෂා කිරීමේ සහන ලබා දීම.
  8. නිවාස සාදා ගැනීම සඳහා වාරි මාර්ග සහ අනෙකුත් අංශ ඒකාබද්ධකොට වැලි පිරී ඇති ස්ථානවලින් බලපත්‍රවලින් තොර අදාල වැලි ලබා ගැනීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරයාට හා ග්‍රාම නිලධාරීන්ට පැවරීම.
  9. එම අලුත්වැඩියා කිරීම් මහජනතාව විසින් සිදුකරන විට පොලීසි මගින් උසාවියට ඉදිරිපත් කිරීමෙන් මහජනතාව අසීරුතාවට පත්වීම වැළැක්වීම සඳහා වැලි ප්‍රවාහනය ලිහිල් කිරීම.
  10. හානි සිදු වී ඇති දිස්ත්‍රික්ක සඳහා විදුලිය කඩිනමින් යතාවත් කිරීම, විනාශ වී ඇති කුඹුරු අස්වැද්දීම සඳහා ක්‍රමවේදයන් සකස් කිරීම සහ පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීම.
  11. සියලුම සමෘද්ධිලාභී සහ අස්වැසුම ලබාගන්නා පවුල් සඳහා සහ රජයේ විශ්‍රාමික අය සඳහා ලබා දෙන දීමනාව මාස කිහිපයක් දෙගුණයක් කර ලබා දීම.
  12. හානි සිදු වී ඇති නැති ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සඳහා ඇතිවිය හැකි ආහාර හිඟය සහල්, ළූණු, අල, පරිප්පු හා එළවළු ඇතුළු සියලු ද්‍රව්‍යයන් සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සඳහා යෝජනා සකස් කර ගැනීම.
  13. සියලුම හානියට පත් රජයේ සේවකයන්ට සහ හානි සිදු වී ඇති ජනතාව වෙනුවෙන් සේවය කරන රාජ්‍ය නිළධාරීන්ට, විශේෂයෙන් ක්ෂේත්‍ර නිළධාරීන් සියලු දෙනාට මෙම කාල සීමාව තුළ පෙර රජයන් විසින් කරන ලද ආකාරයටම ඔවුන්ට විශේෂ දීමනා චක්‍ර ලේඛන වහාම නිකුත් කිරීම.
  14. කෙසේ හෝ ශ්‍රී ලංකා ඉතිහාසයේ 1953 ත්, 1958 ත්, 1970 ත්, 1981 ත්, 1983 ත්, 1987 ත්, 1989 ත්, 1990 ත්, 1994 ත්, 1995 ත්, 1998 ත්, 2001 ත්, 2004 ත්, 2005 ත්, 2009 ත්, 2011 ත්, 2018 ත්, 2019 ත්, 2020 ත්, 2021 ත්, 2022 ත් යන සෑම අවස්ථාවකම මහජනතාවට සහන ලබාදීම සඳහා හදිසි නීතිය පනවා ඇති අතර, සුළි සුළං අවස්ථාවලද, ගංවතුර අවස්ථාවලද එම නීතිය භාවිතා කර තිබෙනවා.
  15. එමගින් ශ්‍රී ලාංකික මහජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන්ටත්, ත්‍රිවිද හමුදාව සහ පොලීසියටත් එම කටයුතු කරගෙන යාමට ඇති බාධා කඩිනමින් ඉවත්වී ඉඩප්‍රස්තාව ලැබෙනවා
  16. රජයේ දේශපාලන අධිකාරියේ සභාපතිත්වය, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු එම ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා නිලධාරින්, සියලුම ක්ෂේත්‍ර නිලධාරින් හා සිවිල් පරිපාලනය වඩාත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීම.

එමෙන්ම මෙම අවස්ථාවේදී විදේශීය ආධාර ලබා දෙන කණ්ඩායම් වලින් හැකිතාක් තෑගි හෝ මුදල් ආධාර ලබා ගැනීමට අවධානය යොමු කළ යුතු ඇති බවත් එක්සත් ජාතික ක්ෂය පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57