ආපදාවට පත්වූ වෙළඳ නෞකාවේ සිටි 14 දෙනෙක් මුදා ගැනේ

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළෙද නෞකාවක් ආපදාවට පත්ව ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදවට ලද තොරතුරක් මත එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය මුදා ගැනීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සමුදුර නෞකාව යොදාගනිමින් මෙහෙයුමක් ආරම්භකර තිබුණේ අද (25) දහවල් කාලයේදී යි.

ඒ අනුව සිදුකරන ලද මුදවාගැනීමේ මෙහෙයුම මඟින් එම වෙළඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවී තිබෙනවා.

ඉන්දීය, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් පිරිසක් එම කාර්ය මණ්ඩලයේ සිටින අතර ඔවුන් මේ වන විට හම්බන්තොට වරාය වෙත රැගෙන එමින් සිටින බවයි වාර්තා වන්නේ.

එම්.වී. ඉන්ටග්‍රිටි ස්ටාර් නම් මෙම වෙළෙද නෞකාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී වියට්නාමයේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් සිටියදී, කාර්මික දෝශයකට ලක්වී තිබෙනවා.