ආන්දෝලනාත්මක හෙළිදරවු 03 ක් ගැන චමුදිතට එරෙහි පොලිස් පරීක්‍ෂණ

හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් තුනක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත ප‍්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.

චමුදිත සමරවික‍්‍රම මහතා ඉකුත් 10 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ කොට්ඨාසය උත්සාහ කර ඇත.

එහෙත් කලින් දැනුම්දීමකින් තොරව මේ පිළිබඳව ප‍්‍රකාශ ලබාදිය නොහැකි බව සමරවික‍්‍රම මහතා එහිදී ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන බවට සමරවික‍්‍රම මහතාට අපරාධ කොට්ඨාශය දැනුම්දී ඇත.

කොරෝනා එන්නත්කරණයේ සිදුවන අඩුපාඩු සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්ම යුද හමුදාව එන්නත්කරණයට සම්බන්ධවීමෙන් පසු කොරෝනා ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට කළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව විමර්ශන පැවැත්වීමට පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.

එමෙන්ම යුද හමුදාව සහල් මාෆියාව පරදවා රටේ සහල් හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවට ඉකුත් වසරේදී කළ ප‍්‍රකාශය පිළිබඳව දැඩි විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන්ද චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12